Cyberattack එකකට මුහුණදෙන අන්දම පරීක්ෂා කිරීමට ලොව විශාලතම හමුදා කඳවුරේ විදුලිය විසන්ධි කරයි
Fort Bragg කියන්නේ ඇමෙරිකානු හමුදාවට අයත් වන හමුදා කඳවුරක් වන අතර 2000 වර්ෂය වන විට මෙහි සොල්ලාදුවන් 50,000ක් හා තවත් 30,000ක පමණ පිරිසක් සිටි අතර මේ වන විට ලොව විශාලතම හමුදා කඳවුර මෙය වන බවට පිළිගැනෙනවා.
කොහොම වුණත් පසුගිය දිනක මෙම හමුදා කඳවුරට කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව පැය 12ක පමණ විදුලි විසන්දි කිරීමක් සිදු කිරීමට ඇමෙරිකානු හමුදා ප්‍රධානීන් කටයුතු කර තිබෙන අතර මෙය හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ යම් හෙයකින් Cyberattack එකක් ඇති වුවහොත්, එයට මුහුණදෙන ආකාරය පිළිබඳව ප්‍රායෝගික පෙරහුරුවක් හා ඔවුන්ගේ භට පිරිස් හැසිරෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම උදෙසා මෙය සිදු කළ බවයි.
@FtBraggNC blackout? No power? No worries. Here’s how we get to work. #LetsGo day or night. pic.twitter.com/KJmLSrIHtM
— 2nd Brigade, 82nd Airborne Division (@2BCT_FALCONS) April 25, 2019
පසුගිය බදාදා දින රාත්‍රි 10ට පමණ ආරම්භ කර ඇති මෙම විදුලිය විසන්ධි කිරීම පසුදින සවස් කාලය වන තුරු පැවති අතර මේ පිළිබඳව Facebook, Twitter වැනි සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශ කිරීමට එහි වාසය කරන භට පිරිස් කටයුතු කර ඇති අතර Traffic light වැනි දෑ අකර්මන්‍යය වීම හේතුවෙන් traffic තත්ත්වයක් ඇතිවූ බව ද වාර්ථා වෙනවා.
Good afternoon all! We understand the exercise conducted caused concern for many within our community and surrounding...
Posted by Fort Bragg, N.C. on Thursday, April 25, 2019
මේ පිළිබඳව පූර්ව දැනුම්දීමක් නොකිරීම පිළිබඳව බළධාරීන් විසින් ඔවුන්ගේ නිළ Facebook පිටුව හරහා ප්‍රකාශයක් පළ කරමින් සමාව ඉල්ලා සිටින අතර මේ වන විට සියළු කටයුතු නැවතත් සාමාන්‍යය පරිදි සිදු වන බව ද වාර්ථා කර තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Military.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.