වසර ගණනාවක් තිස්සේ Twitter මත Twitter ගිණුම් ‍verify කිරීම සඳහා සාමාන්‍යය Twitter පරිශීලකයින් හට හැකියාවක් නොතිබුණු අතර මේ verification program එක තාවකාලිකව නවත්වා දැමීමට Twitter ආයතනය කටයුතු කර තිබුණා.

කොහොම නමුත් මේ වන විට මේ verification program එක නැවතත් ආරම්භ කරමින් ඒ සඳහා සාමාන්‍යය පුද්ගලයින් හට තම Twitter ගිණුම හරහා ම request එකක් යැවිය හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට Twitter සමාගම කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Image Credits: Jane Manchun Wong

මේ වන විට Facebook, Instagram සහ Twitter පිළිබඳව මෙවැනි තොරතුරු රාශියක් හෙළි කළ, ප්‍රසිද්ධ reverse engineer කෙනෙකු වන Jane Manchun Wong විසින් මැතකදී මෙය තහවුරු කර ඇති අතර මේ අනුව account settings වලට ගිය විට “Request Verification” යනුවෙන් option ලබා දි ඇති නමුත් තවමත් මෙම feature එක සියළු දෙනා හට ම භාවිතා කිරිමට හැකි වෙන පරිදි නිකුත් කර නොමැති බව Twitter ආයතනය සනාථ කර තිබෙනවා.

Twitter සමාගම විසින් මීට පෙර මෙම verification request කිරීමේ හැකියාව ලබා දී තිබුණද එය 2017 වර්ෂයේදී පමණ තාවකාලිකව නැවැත්විමට කටයුතු කෙරුණු අතර එයට හේතුව වුයේ Charlottesville rally සංවිධායකවරයා වූ Jason Kessler හට verifications එක ලබා දීම මගින් ඇති වූ ගැ‍ටළු හේතුවෙනුයි.

Twitter pauses account verifications after critics slam it for verifying Charlottesville rally organizer – TechCrunch
Twitter today announced it’s pausing all account verifications – the process that gives public figures on Twitter a blue checkmark next to their names – while it tries to resolve “confusion” around what it means to be verified, the company says. The move comes shortly after a wave of criticism direc…

කෙසේ වෙතත් 2017 වර්ෂයේදී මේ verification request ලබා ගැනීම තාවකාලිකව තවතා තිබියදීත්, Twitter සේවකයින් සමඟ සම්බන්ධතා ඇති අයට පමණක් ලබා ගත හැකි backchannel process එක හරහා Twitter සමාගම සෑම මසකම ගිණුම් දහස් ගණනක් රහසේම verify කර ඇති බව‍ට Engadget වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

දැනට, Twitter සමාගම මෙම නව ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වන දිනය පිළිබඳව හෝ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව සඳහන් කර නොමැති වුවත්, නුදුරු අනාගතයේදීම verification requests තමන්ගේ Twitter ගිණුම හරහා ම සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනිම සඳහා Engadget වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.