Instagram Stories ආකාරයේ Fleets නමින් හඳුන්වන පහසුකමක් Twitter වෙත එකතු කිරීමට සූදානම් වෙයි
මේ වන විට Facebook, Instagram, WhatsApp, Messenger වැනි බොහෝමයක් social media apps වල ඉතාමත් ජනප්‍රිය අංගයක් ලෙස Stories හඳුන්වාදිය හැකි නමුත් මේ දක්වා Twitter වල එවැනි අංගයක් දැකගත හැකි වූයේ නැහැ.
කොහොම නමුත් පසුගිය මාර්තු 4 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් Twitter ආයතනය ප්‍රකාශ කර සිටියේ Fleets නම් වූ අලුත් පහසුකමක් Twitter වෙත එකතු කිරීමට කටයුතු කර ඇති බවත් මෙම පහසුකම මේ වන විට බ්‍රසීලයට නිකුත් කර පරීක්ෂා කරමින් සිටින බවත් ය.
මේ Fleets පහසුකම හරහා පළ කරනු ලබන Tweets (Fleets) පැය 24ක කාළසීමාවක් පමණක් පවතින අතර Retweets, likes හෝ public comments ඇතුලත් කිරීමේ හැකියාව මෙම tweets වලට ලැබෙන්නේ නැහැ.
නමුත් මේ Fleets සඳහා reply කිරීමේ හැකියාව ලබාදී තිබෙන අතර එය DM පහසුකම හරහා ක්‍රියාත්මක වෙනවා.
I know what you're thinking: “THIS SOUNDS A LOT LIKE STORIES!”. Yes, there are many similarities with the Stories format that will feel familiar to people. There are also a few intentional differences to make the experience more focused on sharing and seeing people’s thoughts. pic.twitter.com/OaGYZpChcN
— Kayvon Beykpour (@kayvz) March 4, 2020
මූලිකව මෙම පහසුකම text සඳහා නිර්මාණය කර තිබෙන නමුත් GIF, Photos හෝ Videos මෙයට ඇතුලත් කිරීමේ හැකියාව ද ලබා දී තිබෙන බව Twitter ආයතනය ප්‍රකාශ කරනවා.
මේ වන විට බ්‍රසීලයේ සිට Twitter භාවිතා Android සහ iOS පරිශීලකයන් හට මේ පහසුකම ලබා දී ඇති අතර ඉදිරියේදී මෙම පහසුකම සියළුම Twitter පරිශීලකයන් හට ලබාදීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Twitter Blog එක (පෘතුගීසි භාශාව), Tech Crunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.