මේ දින වල ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන COVID-19 වෛරසය නිසාවෙන් නැවත දැනුම්දීමක් සිදු කරන තුරු ලොව පුරා සිටින සියළුම Twitter සේවකයන් හට නිවසේ සිට වැඩ කරන ලෙස Twitter සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Keeping our employees and partners safe during #coronavirus
The safety of our people and those around us is our top priority. We’ve been closely monitoring #coronavirus COVID-19 developments and wanted to share our current plans and travel policies.

මීට පෙර නිවෙස් වල සිට වැඩ කරන ලෙස ඉල්ලා සිටීමක් සිදු කර තිබුණත් මේ වන විට එය නියෝගයක් බවට පත් කර ඇති අතර නිවසේ සිට තමන්ට අදාල කාර්යයන් සිදු කිරීමට නොහැකි වන්නේ වුවත්, එම පුද්ගලයන් හට නොකඩවා පඩි ගෙවීමට Twitter සමාගම තීරණය කර තිබෙනවා.

මීට අමතරව නිවසේ රාජකාරි ස්ථානයක් සකසාගැනීමට අවශ්‍යය වන්නේ නම්, ඊට වැය වන මුදල් නැවත් Twitter සමාගම හරහා ලබාගැනීමේ හැකියාව ලැබෙන වැඩපිළිවෙලක් ද හඳුන්වාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ වන විට Apple, Amazon, Microsoft සහ Google වැනි තාක්ෂණික සමාගම් විශාල ප්‍රමාණයක මේ නියෝගය ඇතැම් ප්‍රදේශ වල ක්‍රියාත්මක වන නමුත් 4,900ක් පමණ වන Twitter සමාගමේ මුළු ‍සේවක පිරිසටම බළපැවැත්වෙන පරිදි Twitter සමාගම මේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Twitter blog එක, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.