Tweets සඳහා reply කිරීමේ හැකියාව සීමා කිරීමේ පහසුකම ලබාදීමට Twitter ආයතනය කටයුතු කරයි
Twitter හරහා Tweet එකක් පළ කල විට ඇතැම් අවස්ථා වලදී එය භාවිතා කරමින් අදාල පුද්ගලයාව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරනු ලබන අවස්ථා පිළිබඳව මීට පෙර ඔබ අසා ඇති.
කොහොම නමුත් මේ වන විට Twitter ආයතනය විසින් මේ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඔබ පළ කරනු ලබන Tweet පණිවිඩ වලට reply කළ හැකි පුද්ගලයින් තෝරාගැනීමට හැකියාව ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
පසුගිය මැයි මාසයේ සිට සුළු පරිශීලකයින් ප්‍රමාණයක් වෙත නිකුත් කරමින් පරීක්ෂා කිරීමට කටයුතු කළ මෙම පහසුකම මේ වන විට සියළුම Twitter පරිශීලකයින් හට නිකුත් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
Testing, testing...
— Twitter (@Twitter) May 20, 2020
A new way to have a convo with exactly who you want. We’re starting with a small % globally, so keep your 👀 out to see it in action. pic.twitter.com/pV53mvjAVT
මේ අනුව ඔබ යම්කිසි Tweet එකක් පළ කිරීමට ප්‍රථමව, එයට reply කළ හැකි පිරිස තෝරාගැනීම සඳහා,
- Everyone
- Only people you follow
- Only people you mention
යනුවෙන් options 3ක් ලැබෙන අතර මෙයින් තුන් වැනි option එක භාවිතා කරමින් ඔබට අවශ්‍යය පුද්ගලයින් පමණක් mention කර, ඔවුන් හට පමණක් අදාල Tweet එකට reply කිරීමේ හැකියාව ලබාදිය හැකි වෙනවා.
මීට අමතරව මෙලෙස මූලිකව mention කළ අයට අමතරව, පසුව තවත් පුද්ගලයින් එකතු කරගැනීමට අවශ්‍යය වන්නේ නම්, ඒ සඳහා අදාල reply වලදී තවත් සාමාජිකයින් mention කරමින් එකතු කරගැනීමේ හැකියාව ද ඉදිරියේදී ලබාදීමට සූදානමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් වාර්ථා කරනු ලබනවා.
මේ වන විට Twitter web app එක, iOS app එක සහ Android app එක භාවිතා කරනු ලබන සියළුම පරිශීලකයින් හට මෙම පහසුකම භාවිතා කළ හැකි බව Twitter ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Twitter Blog එක, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.