Twitter website එක භාවිතා කරන්නන්ටත් Bookmark, Night mode සහ Data saver mode ලබාදෙන ලකුණු
Twitter Bookmarks, Night mode සහ data saver පහසුකම් මේ දක්වා ලබා දී තිබුණේ Twitter app එක භාවිතා කරන්නන්ට පමණක් වූ අතර වෙබ්සයිට් එක හරහා Twitter භාවිතා කරන්නන්ටද මේ පහසුකම් ලබා දීමට Twitter සමාගම කටයුතු සූදානම් කරමින් සිටිනවා.
බොහෝ දෙනා යම්කිසි Tweet එකක් පසුව බැලීම සඳහා save කරගැනීමට අවශ්‍යය නම් එයට like කරන්නට පෙළඹුනත්, මේ පහසුකම හරහා අපිට අදාල Tweet එක සෘජුවම bookmark කරගැනීමට හැකියාව ලැබෙනවා.
ඔවුන්ගේ නිළ Twitter ගිණුමෙහි පණිවිඩයක් තබමින් මේ ගැන නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ඉතාමත් සුළු Twitter භාවිතා කරන්නන් පිරිසක් භාවිතා කරමින් මෙම පහසුකම් අත්හදාබලමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
Love to use Bookmarks and want it on web? Into scrolling through Explore to see what's happening?
— Twitter (@Twitter) September 6, 2018
We are testing out a new Twitter for web, which a small number of people will see today. Love it? Missing something? Reply and tell us. Don't have the new experience? Stay tuned. pic.twitter.com/w4TiRrVFHU
එමෙන්ම මේ සමඟින් Data saver mode එකත් web users හට නිකුත් කරන්නට ඔවුන් කටයුතු සූදානම් කර ඇති අතර මේ Data saver mode එක හරහා images ස්ව්‍යංක්‍රීයවම load වීම නවතා, ඔබට අවශ්‍යය images පමණක් manually load කරගැනීමට හැකියාව ලබා දෙනවා.
ඉතින් ඔයා Twitter එකේ අත්හදාබැලීම් වලට එකතු වෙලා නැතිනම් මේ පහසුකම් තවමත් ඔබට ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන නමුත්, ඔවුන්ගේ mobile site එක desktop PC එක හරහා භාවිතා කිරීම මගින් night mode, data saver ඇතුළු තවත් පහසුකම් දැන්ම අත්විඳීමට හැකියාව ලැබෙනවා.