Huawei සමාගමට පනවා ඇති වෙළඳ තහනම තවත් වසරකට දීර්ඝ කිරීමට ඇමරිකාව විසින් ගත් තීරණයත් සමඟින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei සමාගමට, සිය උපාංග වලට chipset ලබාගැනීමට නොහැකිවීමේ ගැටළුවකටද මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇති වී තිබෙනවා.

ලොව ප්‍රමුඛ පෙලේ chip නිශ්පාදනය කරන ඇමරිකානු සමාගමක් වන TSMS (Taiwan Semiconductor Manufacturing Company) විසින් Huawei වෙතින් chipset සඳහා ලැබෙන නව ඇණවුම් බාර නොගැනීමට තීරණය කිරීමත් සමඟින් මේ තත්ත්වය ඇති වී තිබෙන බව sources කිහිපයක් පාදක කරගනිමින් Nikkei Asian review වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

TSMC halts new Huawei orders after US tightens restrictions
Taiwan chipmaker’s relationship with its second biggest customer under fire

කෙසේ වෙතත් Huawei සමාගමේ වාසනාවකට මෙන් ඇමරිකාවේ නව නීතිරීති දැනට ලැබී ඇති ඇණවුම් වලට බලනොපාන බව සඳහන් වන අතර Huawei හි Kirin Chip set මහා පරිමාණයෙන් නිශ්පාදන කරන ප්‍රධානම සමාගම වන්නේ TSMC සමාගමයි.

විශේෂයෙන්ම Huawei flagship උපාංග වලට භාවිතා කරන Kirin 990 chip මෙන්ම midrange උපාංග සඳහා භාවිතා කරනු ලබන Kirin 820 5G chipset එක ද නිශ්පාදනය කරනු ලබන්නේ මේ TSMC එක හරහා නිසාවෙන් මේ chipset නිශ්පාදනය කරවාගැනීමට විකල්ප සමාගම් වෙත යොමු වීමට Huawei සමාගමට සිදු වනු ඇත.

සාමාන්‍යයෙන් සෑම වසරකම Huawei Mate series එක මඟින් නව Chipset එකක් හඳුන්වාදීමට Huawei සමාගම කටයුතු කරනු ලබන අතර මෙම වසරේ නිකුත් වීමට නියමිත Mate 40 series එක සඳහා TSMC හි මෙම තීරණය අහිතකර ලෙස බලපානු ඇති බව අනුමාන කෙරෙනවා.

කෙසේ වෙතත්  Nikkei Asian review වෙබ් අඩවිය වාර්තා කරන්නේ Huawei සමාගමේ අනාගත දුරකථන සඳහා අවශ්‍ය chipset ඇණවුම් දැනටමත් TSMC වෙත ලබා දී ඇති බවත් ඒවා මෙම වසරේ සැප්තැම්බර් වලට පෙර Huawei වෙත සැපයීමට TSMC සමත් වුවහොත් chipset හිඟයකට මුහුණ දීමට Huawei සමාගමට සිදු නොවනු ඇති බවයි.

කොහොම නමුත් Huawei සමාගමට Google Mobile Services අහිමි වීමට වඩා වැඩි බලපෑමකට මුහුණ දීමට මෙම සිදුවීම නිසා සිදුවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ Nikkei Asian Review වෙබ් අඩවිය භාවිතා කළ හැක.