පසුගිය ජුනි 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන iOS 14 සංස්කරණය එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳව දැනගනිමු
ජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2020 event එක, online eventඑකක් ලෙස පැවැත්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියමකරයිසාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Co…

මේ iOS 14 වලට හඳුන්වාදුන් නව feature එකක් වන යම්කිසි app එකක් මඟින් clipboard content access කරනු ලබන විට පරිශීලකයන් හට ඒ පිළිබඳව alert එකක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

iOS 14 වෙත update කරන ලද පරිශීලකයන් හට TikTok app එක විසින් නිරන්තරයෙන්ම තමන්ගේ ජංගම දුරකතනයේ clipboard එකට ප්‍රවේශ වන බව දන්වන alert දර්ශනය වුණු අතර, TikTok app එක background එකෙන් run වන අවස්ථා වලදී පවා පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව clipboard content access කරනු ලබන බව මේ අනුව හෙළි වී තිබෙනවා.

මෙලෙස clipboard එක වෙත access කරනු ලබන්නේ පරිශීලකයින්ගේ spammy behavior එක හඳුනාගැනීමට බව Telegraph වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් TikTok ආයතනය ප්‍රකාශ කර ඇති අතර කොහොම නමුත් එම විශේෂාංගය ඉවත් කරනු ලබන බව ද ප්‍රකාශ කර සිටිනවා.

"ජුනි මස 22 වන දින iOS 14 beta release එකෙන් පසුව ජනප්‍රිය apps ගණනාවක් භාවිතා කරන අතරතුර පරිශීලකයන්ට notifications දැක ගැනීමට හැකිවිය. TikTok විසින් මෙය spammy behavior හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අංගයක් හේතුවෙන් සිදුවෙන ලදි.

මෙම තත්වය නිරාකරණය කිරීම සඳහා දැනටමත් TikTok app එකෙහි updated version එකක් App Store එකට ඉදිරිපත් කර ඇත. TikTok පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සහ අපගේ app එක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කිරීමට කැපවී සිටියි."

විශේෂාංගය ඉවත් කිරීම සඳහා update එකක් දැනටමත් ‌App Store වෙත ඉදිරිපත් කර ඇති අතර නව update එක download කිරීමෙන් අනතුරුව තහවුරු වන පරිදි TikTok තවදුරටත් clipboard වෙත පිවිසෙන බවක් නොපෙනෙන බව වාර්ථා වෙනවා.

TikTok විසින් Android devices වලින් මෙම විශේෂාංගය ඉවත් කරනු ඇත්ද යන්න හෝ clipboard දත්ත කවදා හෝ ගබඩා කර තිබේද යන්න පිළිබඳව ප්‍රකාශයක් කර නොමැති අතර මීට අමතරව Starbucks, Overstock, AccuWeather ඇතුළු තවත් apps කිහිපයක්ද මෙලෙස clipboard content වලට ප්‍රවේශ වන බවට අනාවරණය වී ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා MacRumors වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක