TikTok සේවාව ඉන්දියාවේ තහනම් කිරීමට කටයුතු කළ බවත්, ඒ සමඟින් එහි හිමිකරු වන ByteDance සමාගමට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වනු ඇති බවත් මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ඉන්දියාව තුළ TikTok අවහිර කිරීම නිසාවෙන් ByteDance සමාගමට ඩොලර් බිලියන 6ක පමණ මුදලක් අහිමි වෙන ලකුණු
පසුගියදා ඉන්දියාව තුළ TikTok ඇතුළු China-based apps ගණනාවක් ban කිරීමට පියවරගැනීම සම්බන්ධයෙන් අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයිඉන්දියාව සහ චීනය අතර පසුගිය දින ව…

‍මේ වන විට ලොවපුරා පරිශීලකයන් විසින් TikTok වෙත එකතු කරනු ලැබ තිබූ videos මිලියන 49 ක් පමණ පසුගිය මාස 6ක කාලය තුළ තම platform එක තුලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ByteDance සමාගම අනාවරණය කර තිබෙනවා.

එය ඔවුන්ගේ මුළු වීඩියෝ සංඛ්‍යාවෙන් 1% ටත් වඩා අඩු ප්‍රතිශතයක් වන අතර මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සමාගමේ Community Guidelines සහ Terms of Service යන දේවල් වලට එම videos පටහැනි වීම යන කාරණාවයි.

මෙලෙස ඉවත් කරන ලද වීඩියෝ වලින් ¼ ක් පමණ වැඩිහිටි නිරුවත් දර්ශන හා ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයේ ඒවා හා මත්ද්‍රව්‍ය භාවිතය හා කුඩා දරුවන් ආශ්‍රිත නීති විරෝධී videos වන අතර ඇතැම් ඒවා සඳහා නීතිය ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක්ද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

Our H2 2019 Transparency Report
By Michael Beckerman, VP and Head of US Public Policy and Eric Han, Head of Safety, US Today we published our global Transparency Report for the last half of 2019 (July 1 - December 31, 2019). This re

එමෙන්ම ඉවත් කරන ලද වීඩියෝ වලින් 21.5 % ක් නීතිවිරෝධී වෙනත් සිදුවීම් හා භාණ්ඩ පරිහරණය සම්බන්ධ ඒවා වන අතර, සිය දිවි නසා ගැනීම හා තමාටම හිංසා කර ගැනීම් ඇතුළු භයානක ක්‍රියාවන් ඇතුලත් වීඩියෝ 15.6% ක ප්‍රමාණයක් ද ඇතුලත් වන බව වාර්ථා වෙනවා.

එමෙන්ම 8.6% graphic content ගැටළු නිසා ඉවත් කර ඇති අතර හිරිහැර කිරීම් සහ වෛරී ප්‍රකාශ ඇතුළත් video ද මෙලෙස ඉවත් කරන ලද සෙසු වීඩියෝ අතර වෙනවා.

මෙලෙස ඉවත් කරන ලද වීඩියෝ වැඩි ප්‍රමාණයක් ඉන්දියානු පරිශීලකයන් විසින් upload කරන ලද ඒවා වන අතර ඒවා ගණනින් මිලියන 16 ඉක්මවන බවත්, දෙවනුවට වැඩිම වීඩියෝ ගණනක් ඉවත් කොට ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද පරිශීලකයන් විසින් upload කරන ලද ඒවා වන අතර ඒවා ගණනින් මිලියන 4 ක් පමණ වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතරින් මීළඟට වැඩිම video ගණනක් ඉවත්කල රටවල් ලෙස පිලිවෙලින් පාකිස්තානය, එක්සත් රාජධානිය සහ රුසියාව යන රටවල් ඇති අතර ඇතැම් රටවල මෙලෙස video ඉවත් කිරීම සඳහා නීතිමය ඉල්ලීම් පවා ඉදිරිපත් කර තිබුණු බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ TikTok Newsroom එක, The Verge වෙබ් අඩවිය, BBC වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.