TikTok වීඩියෝවක උපරිම දිග මිනිත්තු 10ක් දක්වා පුළුල් කරයි
ලොව පුර සක්‍රීය පරිශීලකයින් බිලියනයේ සීමාව ඉක්මවා ගිය, Portrait videos සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන TikTok සමාජ මාධ්‍ය වේදිකාව තුළ මීට පෙර උපරිම මිනිත්තු 3ක් දක්වා වූ videos upload කිරීමේ හැකියාව තිබුණා.
කෙසේ වෙතත් ඊයේ (මාර්තු 2) TikTok සමාගම, YouTube සමාගමට අභියෝගයක් එල්ල කරමින් TikTok සඳහා long-form videos upload කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලබා දී තිබෙනවා.
මේ පිළිබඳව TikTok සමාගම The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් සෑම විටම ක්‍රියාකරන්නේ තම පරිශීලකයින්ට වටිනාකමක් එක් කිරීමට සහ TikTok හරහා ලබා ගත හැකි අත්දැකීම පුළුල් කිරීම සඳහා වන නව ක්‍රමෝපායන් පිළිබඳව බවයි.
Social media consultant සහ analyst වරයෙකු වන Matt Navarra සිය Twitter ගිණුමේ සටහන් තබමින් පවසා සිටියේ, සමහර පරිශීලකයින් හට මෙම ප්‍රවෘත්තිය App එක තුළ Notification එකක් ආකාරයට ලබා දී තිබූ බවයි.
TikTok creeping in on YouTube territory
— Matt Navarra (@MattNavarra) February 28, 2022
I can now upload videos up to 10 minutes long pic.twitter.com/P2Mbf4ygWV
මේ පිළිබඳව Matt Navarra විසින් The Verge වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියේ, සාමාන්‍යයෙන් long-form content මුදල් ඉපයීමට පහසු වන අතර පරිශීලකයින්ව බොහෝ වේලාවක් සිය platform එක තුළ තබා ගැනීමට සමත් වන බවයි. කෙසේ වෙතත් TikTok සමාගම මෙම Videos සිය platform එක තුළ ස්ථානගත කර ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලිය යුතු බවයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.