2021 වසරේදී Galaxy Note මාදිලියක් නිකුත් කිරීම අතහැරදැමීමට Samsung සමාගම සූදානම් වන ලකුණු
Samsung සමාගමේ ජංගම දුරකථන line-up වලින් හොඳම, එහෙමත් නැතිනම් powerful ම smartphone line-up එක වන්නේ Samsung Note series එක බව ඔබ දැනටමත් දන්නවා ඇති.
මේ වන විට 2020 වසරට අදාල මෙම series එකේ Note 20 මාදිලි පෙළ දැනටමත් නිකුත් කර ඇති අතර එයට විශාල පාරිභෝගික ආකර්ෂණක් ලැබී නොමැති බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දී තිබුණා.
මේ අතර Note series එක පිළිබඳව මේ වන විට සමහර තොරතුරු අන්තර්ජාලයට එකතු වී තිබෙන අතර ඒවාට අනුව 2021 වසරේදී Note series එකට අදාල මාදිලි කිසිවක් නිකුත් නොකෙරෙනු ඇති බව අනාවැකි පළකර තිබෙනවා.
Max Weinbach විසින් තබන ලද Twitter සටහනකින් මෙම තොරතුරු හෙළි වී ඇති අතර එයට අනුව 2021 වර්ෂයේ දී Samsung සමාගම විසින් නිකුත් කරන්නට නියමිත දුරකථන ලැයිස්තුවක් දක්වා ඇති අතර එහි Note series එක පිළිබඳව තොරතුරු කිසිවක් සඳහන් වී නැහැ.
Samsung flagships to expect this year:
— Max Weinbach (@MaxWinebach) November 15, 2020
S21 FE
S21
S21+
S21 Ultra
Z Fold 3
Z Flip 3
Z Fold FE
ඒ අනුව 2021 දි Galaxy S21, S21 Plus, S21 FE, S21 Ultra, Z Fold 3, Z Flip 3, Z Fold FE යන මාදිලි පිළිබඳ තොරතුරු සඳහන් වී තිබෙන අතර, මෙම මාදිලි අතුරින් 3 ක් සඳහා S Pen පහසුකම ඇතුලත් විය හැකි බව ඔහු විසින් සඳහන් කර තිබෙනවා.
An unusual clue: There is currently no information on the development of the Note21 series. pic.twitter.com/RBzzwsg8Cg
— Ice universe (@UniverseIce) November 15, 2020
Note යනු විශේෂයෙන්ම S Pen support එක තිබෙන දුරකථන මාදිලියක් වන අතර, ඉහත තොරතුරු අනුව වෙනත් දුරකථන මාදිලි තුනකට S Pen support එක ලැබෙනවානම් Note Series එකක අවශ්‍යතාවය වැදගත් නොවීමේ හැකියාවක් තිබෙනවා.
එමෙන්ම Note Series එක සම්බන්ධ කිසිදු development හෝ වෙනත් තොරතුරු මේ දක්වා හෙළිවීමක් සිදු වී නැති අතර, එයද මෙම අනුමානයට හේතුවී තිබෙනවා.
සාමාන්‍යයෙන් Samsung සමාගම Note Series එක නිකුත් කරන්නේ වසරේ අවසාන කාර්තුවේ නිසා තවම මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් පැවසීමට කල් වැඩි බවත් මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.