Samsung සමාගම විසින් ලබාගත් නවතම patent බලපත්‍රයක් පිළිබඳව මේ වන විට Letsgodigital වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබෙන අතර ඒ අනුව චලනය කළ හැකි camera 6ක් සහිත ජංගම දුරකථනයක් වෙනුවෙන් මෙම බළපත්‍රය ලබාගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ camera lens ට 6 ස්ව්‍යංක්‍රීයව චලනය වීමේ හැකියාව ඇති අතර මෙම නවතම camera setup එක Samsung හි මීළඟ S30 flagship line-up එක සඳහා යොදා ගනු ඇති බව ඔවුන් පෙන්වා දෙන නමුත්, එය Samsung සමාගම විසින් හෝ වෙනත් මූලාශ්‍රයකින් තහවුරු කරන ලද පුවතක් නොවේ.

WO2020117007 APPARATUS AND METHOD FOR OPERATING MULTIPLE CAMERAS FOR DIGITAL PHOTOGRAPHY
A method includes, in a first mode, positioning first and second tiltable image sensor modules of an image sensor array of an electronic device so that a first optical axis of the first tiltable image sensor module and a second optical axis of the second tiltable image sensor module are substantiall…

Patent බලපත්‍රය ට අනුව wide angle camera 5 ක් හා එක් telephoto lens එකකින් මෙම camera 6 සමන්විත වන අතර සාමාන්‍ය ක්‍රියාකාරිත්වය යටතේ මෙම camera 6 ම එක්ව ක්‍රියාකරමින් ඉතාමත් high resolution එකකින් සමන්විත photos ලබා ගැනීමට අවකාශ ලබා දෙනවා.

එමෙන්ම මෙම Camera Lens තනි තනිව ගත් කල ඒවාට කැමරාව ඇතුලත් කර ඇති අවකාශය තුළ move වීමට, නැතිනම් පසෙකට ඇලවීමට හැකියාව ඇති අතර එමඟින් වෙනස් වෙනස් Angle ඔස්සෙ Photos ලබාගැනීමට හැකියාව ලැබෙන බව LetsgoDigital වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ camera design එක පිළිබඳව වන දුර්වලතා කිහිපයක්ද LetsGoDigital වෙබ් අඩවිය පෙන්වා දෙන අතර ඉන් ප්‍රධානතම ගැටළුව වන්නේ move වීම සඳහා සැලකිය යුතු ඉඩක් අවශ්‍ය බැවින් මේ තාක්ෂණය ඇතුලත් වන ජංගම දුරකථනය ඝනකමින් වැඩි වීමට ඉඩ තිබීමයි.

මේ වන විටත් rotating camera, pop-up camera වැනි නව්‍යකරණය වූ camera design ජංගම දුරකථන වෙත ලැබී ඇති නමුත් ඒවායේ ඇති ප්‍රධානතම ගැටලුව නම් කල්පැවැත්මයි.

ඒවා ඉතා ඉක්මණින් කැඩී යාමේ අවදානමක් ඇති අතර Galaxy Fold උපාංගයට වුවද Samsung සමාගම සහතික කරනු ලබන්නේ නැමුම් වාර ලක්ශ 2 ක් පමණයි.

කෙසේ වුවත් මෙවැනි සංකීර්ණ තාක්ෂණයක් සැබැවින්ම වාණිජ වෙළඳපොලට පැමිණේවි දැයි නිෂ්චිතව කිව නොහැකි වන අතර ඊට හේතුව නම් සාමාන්‍යයෙන් තාක්ෂණික සමාගම් වසරකට නව තාක්ෂණයන් විශාල ප්‍රමාණයක් සඳහා patent බලපත්‍ර ලබාගත්තද ඒ සියල්ලම ඔවුන්ගේ උපාංග වලට අන්තර්ගත නොකිරීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා PatentScope වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ TomsGuide වෙබ් අඩවිය භාවිතා කළ හැක.