Huawei සමාගම විසින් නිකුත් කරන්නට යෙදුණු පළමු Flexible දුරකථනය වන Huawei Mate X ඔවුන් සිතුවාටත් වඩා සාර්ථක වූ අතර මේ වන විට ඔවුන් Huawei Mate Xs ලෙස එහි ඊළඟ මාදිලියද නිකුත් කරන්නට සූදානමින් සිටිනවා.

Samsung Galaxy Fold උපාංගය ලෙසම මෙම මාදිලි දෙකම Unfold කර ඇති විට Tab එකක් හා Fold කල විට ජංගම දුරකථනයක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒ නිසාම Samsung සමාගම විසින් නිකුත් කරන ලද Z Flip වැනි කුඩා ජංගම දුරකථන මාදිලියක අවශ්‍යතාවය ද Huawei සමාගමට දැනී ඇති බව හැඟවෙන පුවතක් මේ වන විට වාර්තා වෙනවා.

මිලෙන් අඩු Galaxy Fold ජංගම දුරකථනයක් නිකුත් කිරීමට Samaung සමාගම සූදානම් වන බව වාර්තා වෙයි
Foltable ජංගම දුරකථන නිෂ්පාදනයෙහිලා Samsung සමාගම නායකත්වය ගනිමින් සිටින අතර මේවන විට foldable දුරකථන නිෂ්පාදනය කරන අන් සියලුම සියළුම සමාගම් වලට වඩා පියවරෙන්පියවර ඉදිරියට ගමන් කරමින් සිටී. මේ වන විට Samsung සමාගම විසින් නිකුත් කර ඇති Galaxy Z Flip දුරකථනය ඩොලර් 1400 කආසන්න මුදලක් හා Galaxy Fold,…

ඔවුන් විසින් නිකුත් කරන්නට යන නවතම foldable උපාංගය පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වී ඇති අතර, Huawei Mate V ලෙස නම් වනු ඇතැයි අනුමාන කරන මෙම නවතම උපාංගය Galaxy Z Flip ජංගම දුරකථනයේ ආකාරයට flip කලහැකි උපාංගයක් ලෙස design කර තිබෙන බව දැකගත හැකි වෙනවා.

මෙහි rendes කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර ඒවාට අනුව මේ නවතම Huawei සාමාජිකයා බොහෝ අංශවලින් Galaxy Z Flip වලට වඩා ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබෙනවා.

Galaxy Z Flip ජංගම දුරකථනයේ තිබෙන dual camera setup එක වෙනුවට මෙහි Quad Camera Setup එකක් හා ඉදිරිපස details බොහෝ ප්‍රමාණයක් ඇතුළත් කර ඇති notch එකක් ද දැක ගත හැකි වෙනවා.

මීට අමතරව notification පෙන්වීම සඳහා ද Galaxy Z Flip එකට වඩා විශාල secondary තිරයක් ද මෙහි දක්නට ලැබෙනවා.

එමෙන්ම කලින් සඳහන් කල පරිදි Huawei සමාගමේ මීළඟ foldable උපාංගය වන Huawei Mate Xs එක සමඟ මෙම Mate V ජංගම දුරකථනය ද නිකුත් වනු ඇතැයි අනුමාන කෙරෙන නමුත් එය තහවුරු කළ හැකි මූලාශ්‍රයක් තවමත් නොමැති බවත් මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

Huawei සමාගම මේ වනවිටත් Huawei Mate V යන වෙළඳනාමය ලියාපදිංචි කර තිබෙන නමුත් එයින් ඉදිරිපත් කරන්නෙ කුමන ආකාරයේ ජංගම දුරකථන මාදිලියක් දැයි යන්න සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා වී නැහැ.

එය ඕනෑම ආකාරයක foldable උපාංගයක් විය හැකි බව බොහෝදෙනා අනුමාන කරන අතර ඊට හේතුව නම් පසුගිය කාලය තුළ Innovated foldable උපාංග කිහිපයක් සඳහාම Patent බලපත්‍ර ඉල්ලුම් කිරීමට Huawei සමාගම කටයුතු කර තිබීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Lets Go Digital වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.