Million-mile battery තාක්ෂණය ගැන සාකච්ඡා කිරීමට නියමිත Tesla සමාගමේ Battery-Day event එක නැවත වරක් කල් යයි
ජූලි මස 07 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ Tesla සමාගමේ "Battery-Day" event එක සහ Tesla සමාගමේ වාර්ෂික Shareholders' Meeting එක කල් දැමීමට තීරණය කළ බව එහි CEO වන Elon Musk විසින් Tweet පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.
එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන තවමත් එවැනි විශාල හමුවක් පැවැත්වීමට අවසර නොලැබීම වන අතර මීට පෙර අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම "Battery-Day" event එක කල් ගිය දෙවන අවස්ථාව මෙය වෙනවා.
Yes, but we will have to postpone annual shareholder meeting, as still no large gatherings allowed by July 7th. Not sure of new date, but am guessing maybe a month or so later.
— Elon Musk (@elonmusk) June 20, 2020
මෙම "Battery-Day" event එකට ලොව පුරා තාක්ෂණික ගවේෂකයන්ගේ අවධානය අවධානය යොමු වීමට ප්‍රධාන හේතුව වනුයේ එහි දී එළිදැක්වීමට නියමිත "million-mile battery technology"යන තාක්ෂණයයි.
මෙම තාක්ෂණය මගින් නිපදවන බැටරියක ආයු කාලය සැතපුම් මිලියනයක ධාවන කාලයක් දක්වා පවතින බවත්, Tesla සමාගම මේ පිළිබඳව උනන්දුවෙන් පසුවන බවත් මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.
Tentative date for Tesla Shareholder Meeting & Battery Day is Sept 15. Will include tour of cell production system.
— Elon Musk (@elonmusk) June 22, 2020
කෙසේ වෙතත් මේ වන විට මෙම "Battery-Day" event එක සහ Tesla සමාගමේ වාර්ෂික Shareholders' Meeting එක සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව Elon Musk නැවත Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ The Driven වෙබ් අඩවිය භාවිතා කළ හැක.