ජංගම දුරකථනයක් හා Tablet පරිඝනකයක් භාවිතා කර Tesla Model S මෝටර් රථයක් සොරකම් කරයි
Tesla මෝටර් රථයක් කියන්නේ මේ වන විට මිලදීගතහැකි ලොව තාක්ෂණික අතින් ඉහලින්ම තිබෙන, සොරා ගැනීමට ඉතාමත් අපහසු යැයි සැළකෙන මෝටර් රථ වලින් එකක් බව අපි කවුරුත් දන්නවා.
නමුත් පසුගිය දිනක හිමිකරුවාගේ නිවස පිටුපස තිබියදීම, කිසිඳු අපහසුවකින් තොරව Tesla Model S රථයක් සොරා ගැනීමට කටයුතු කරන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
මේ වෙනුවෙන් ජංගම දුරකථනයක් හා Tablet පරිඝනකයක් පමණක් භාවිතා කර ඇති මොවුහු ඒ හරහා මෙම මෝටර් රථයේ යතුරු කැරැල්ලෙන් නිකුත් කරනු ලබන සංඥා වලට සමාන සංඛ්යාතයකින් සංඥා නිකුත් කර ඉතාමත් පහසුවෙන් මෙම රථය සොරකම් කරනු ලබනවා.
මීට අමතරව මොවුන් මෙම රථය සමඟ තිබෙන දුරස්ථ පාලක පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මන්යය කිරීමට ද කටයුතු කර ඇති හෙයින් මෙහි අයිතිකරුට හෝ Tesla සමාගමට මෙය තිබෙන ස්ථානය දැනගැනීමට ඇති හැකියාව ද අසුරා තිබෙනවා.
@elonmusk My @tesla was stolen this morning, with just a tablet and a phone extending my fob range from the back of the house. I get that I should enabled PIN access. I wish it was harder for them to disable remote access though. I can’t track it or disable it. :(
— Antony Kennedy (@booshtukka) October 21, 2018
මේ hack කිරීමට හේතු වුණු කාරණය වන්නේ මෙම මෝටර් රථය සතු keyless entry නම් වූ පහසුකමයි. මේ පහසුකම භාවිතා කිරීම නිසා Volkswagen සමාගමට අයත් මෝටර් රථ ද මේ ආකාරයේ ගැටළුවකට මුහුණදීමට කටයුතු කළ බව දැනගන්නට ලැබෙන අතර විශේෂයෙන්ම Tesla සමාගම විසින් මේ ගැන තම පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබුණා.
එමෙන්ම මේ දුර්වලතාවයෙන් අත්මිදීම සඳහා මෑතකදී 2-factor verification ක්රමයක් වන "PIN to Drive" පහසුකම ද ඔවුන් හඳුන්වා දී තිබූ අතර ඒ හරහා වාහනයට ඇතුළු වූ පසු අදාල passcode එක ඇතුලත් කරන තුරු මෝටර් රථය පදවාගෙන යාමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ.
එමෙන්ම රියදුරා විසින් අදාල යතුරු කැරැල්ල මෝටර් රථය අසලට රැගෙන එන විට ඒ හරහා නිකුත් වන සංඥා භාවිතා කරගෙන ස්ව්යංක්රීයවම එහි දොරවල් unlock වන Passive Entry නම් වූ පහසුකම ක්රියා විරහිත කර තැබීමෙනුත් මෙවැනි ආකාරයේ අවධානම් තත්ත්වයන්ගෙන් වැලකී සිටීමට හැකියාව ලැබෙනවා.
මීට අමතරව මේ යතුරු කැරැල්ලෙන් පිට වන සංඥා වෙනත් පුද්ගලයින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා faraday pouch එකක් භාවිතා කිරීමෙන් එහි සංඥා සොරකම් කර නැවත පරිහරණය කිරීම අවම කරගැනීමට තවත් හොඳ විසඳුමක් බව ඔවුන් පෙන්වා දෙනවා.
අවාසනාවකට මෙන් එම ආරක්ෂක විදිවිධාන කිසිවක් මෙම මෝටර් රථයෙහි activate කරගැනීමට එහි හිමිකරු කටයුතු කර තිබී නොමැති නිසාවෙන් මෙලෙස ඉතාමත් පහසුවෙන් මෙම මෝටර් රථය සොරකම් කිරීමට අවස්ථාව ලැබී ඇති බව දැනගන්නට ලැබෙනවා.
කොහොම වුණත් නවීන තාක්ෂණය භාවිතා කරන විට අපි smart නොවුණහොත් අන් කවරදාටත් වඩා අවධානමකට ගොදුරු වන්නට නිතැතින්ම සිදු වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.