Tesla wireless smartphone charger එකක් වට්ටමක් ද සහිතව නැවතත් වෙළඳපොලට එයි
පසුගිය මාසයේ Tesla ආයතනය විසින් ඔවුන්ගේ Wireless smartphone charger එක limited edition එකක් ලෙස එළි දක්වන්නට කටයුතු කළා.
මේ charger එකෙන් charge වීමට ගත වෙන කාලය වැඩි වුවත්, එහි මිළ ටිකක් වැඩි වුණත්, සෑම Tesla නිෂ්පාදනයක් වගේම මේකත් ඉක්මණින්ම විකිණිලා ඉවර වුණා. නමුත් ලොව පුරා පාරිභෝගිකයන්ගේ බලවත් ඉල්ලීම මත Tesla සමාගම විසින් මෙම charger එක නැවත නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව දැනට සිටින පාරිභෝගිකයන්ට Email පණිවිඩයක් මඟින් දැනුම්දී ඇති පරිදි ඔවුන් ප්රකාශ කර තිබෙන්නේ මේ chargers මෙවර වැඩි ප්රමාණයක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන නිසා මෙහි නිෂ්පාදන වියදම අඩු කරගත හැකි වූ බැවින් එහි මිළ අඩු කිරීමට ඔවුන් කටයුතු කරන බවයි.
@verge tipline @nickstatt check out the cut in cost and refunds for Tesla's phone charger. Still not an Anker, but pretty sweet move pic.twitter.com/n9WG6xHPIs
— Jᴀʀᴇᴅ Hᴀssᴏɴ (@JaredEzz) September 10, 2018
එමෙන්ම කළින් මිළ ($65) ගණන් යටතේ මිළදීගත් සෑම පාරිභෝගිකයෙකුටම නව මිළ ($49) ගණන් යටතේ ඉතිරි විය යුතු මුදල ($16) නැවත ගෙවීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත් ඔවුන් වැඩි දුරටත් ප්රකාශ කර සිටිනවා.