පසුගිය වසර පුරාවට cloud gaming සේවාවන් ගැන වැඩි වශයෙන් අසන්නට ලැබුණු අතර Google සමාගම ඔවුන්ගේ Google Stadia සේවාව ද, Microsoft සමාගම xCloud සේවාව ද, Nvidia සමාගම GeForce NOW සේවාව ද මේ අතරින් කැපී පෙනෙන සේවාවන් බවට පත් වුණා.

ඔන්න දැන් චීන දැවැන්තයන් දෙදෙනෙකු වන Huawei සමාගම සහ Tencent සමාගම එකතු වී GameMatrix නම් වූ cloud gaming platform එකක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්ථා වන අතර මෙම සේවාව Huawei සමාගමේ නිෂ්පාදනය කෙරෙනු ලබන Kunpeng server processors හරහා බළගැන්වෙනු ලබෙනවා.

මෙම සේවාව හරහා game වල artificial intelligence සහ augmented reality සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති අතර මේ වන විට Tencent සමාගම League of Legends game එකේ නිර්මාපකයින් වන Riot Games මෙන්ම Epic Games ආයතනයේත් වැඩි හිමිකාරීත්වයක් දරනු ලබන නිසාවෙන් මෙය එළිදැක්වෙන අවස්ථාව වන විට විශාල games ප්‍රමාණයක් මේ හරහා ලබාගත හැකි වනු ඇති බව අනුමාන කෙරෙනවා.

කොහොම වුණත් තවමත් මෙය පරිශීලකයන් හට නිකුත් කිරීමට නියමිත කාළ වකවානුවක් පිළිබඳව නම් කිසිඳු තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.