Telegram හි නවතම update එක හරහා Silent Messages යැවීමේ හැකියාව ඇතුළු තවත් පහසුකම් රැසක් ලබාදෙයි

Telegram ආයතනය විසින් Android සහා iOS මෙහෙයුම් පද්ධති සදහා අලුත් update එකක් (v5.10) නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එය සුපුරුදු පරිදි නව අංග රැසකින් සමන්විත වෙනවා.

මෙම සංස්කරණය හරහා හඳුන්වාදෙනු ලබන අලුත් පහසුකම් අතරින් කැපී පෙනෙන පහසුකමක් ලෙස Silent messages, එහෙමත් නැතිනම් නිහඬ පණිවිඩ යැවීමේ හැකියාව පෙන්වා දිය හැකි වෙනවා.

ඔබට යම්කිසි පුද්ගලයෙකු හට පණීවිඩයක් යැවිමට අවශ්‍යය නමුත්,  ඔවුන්ගේ දුරකථන නාද විමකින් තොරව එම පණිවිඩය යැවිමට මෙම විකල්පය භාවිතා කල හැකිය. විශේෂයෙන්ම අනෙක් පුද්ගලයා රැස්වීමක, පන්තියක හෝ නිදා සිටියදී මේ පහසුකම භාවිතා කළ හැකි වෙනවා.

ඔවුන්ට සුපුරුදු පරිදි ඔවුන්ගේ තිරය මත දැනුම් දීමක් ලැබෙන නමුත් අදාල device එක කිසිදු නාද විමකින් තොරව එම පණිවිඩය deliver වෙනු ලබනවා.

සාමාන්‍යය messages වලට මෙන්ම group වලදී පළ කරනු ලබන messages සඳහා ද මෙම පහසුකම භාවිතා කළ හැකි බව Telegram ආයතනය පෙන්වා දෙනවා.

මීට අමතරව group සඳහා Slow mode නමින් අලුත් පහසුකමක් හඳුන්වාදී ඇති අතර, යම්කිසි group එකක කිසියම් පුද්ගලයෙකු විසින් spam සිදු කිරීම හෝ නොනවත්වා messages send කිරීමේ නියැලී සිටින්නේ නම්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පහසුකම භාවිතා කළ හැකි වෙනවා.

මේ අනුව group admin හට මෙම පහසුකම භාවිතා කරමින් එක් message එකක් පළ කිරීමෙන් අනතුරුව තවත් message එකක් පළ කිරීම සඳහා කෙතරම් වේලාවක්  සිටිය යුතු ද යන්න සැකසිය හැකි වෙනවා.

මීට අමතරව Admin වරුන් හට custom titles, එහෙමත් නැතිනම් ‍role එකට අදාල වෙනත් නමක් භාවිතා කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

මේ update එක හරහා animated emoji, එහෙමත් නැතිනම් ❤️, 👍, 😒, 😳, 🥳 ඇතුලු emoji දැන් animation එකක් සහිතව පෙන්වනු ලබනවා.

iOS පරිශීලකයන් හට night theme එක සඳහා තමන් කැමති accent color එකක් තෝරා ගැනීමේ හැකියාව ද මේ අලුත් update එක සමඟින් ලබාදීමට Telegram ආයතනය කටයුතු කර තිබෙනවා.

මීට අමතරව video එකක් send කිරීමේදී යම්කිසි timestamp එකක් ගැන සඳහනක් ඇත්නම්, අදාල video එකේ එම වේලාව සඳහා ඇති frame එක thumbnail එක ලෙස පෙන්වීම, Android පරිශීලකයන් සඳහා අලුත් attachment පහසුකමක් හඳුන්වා දීම ඇතුළු තවත් බොහෝ පහසුකම මෙම update එකට ඇතුලත් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Telegram Blog එක, GSM Arena වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.