PUBG එහෙමත් නැත්නම් PlayerUnknown's Battlegrounds ක්‍රීඩාව මුලු ලොව පුරාම උන්මාදයක් සේ පැතිර ගොස් තිබෙන අතර, ඉන්දියාව තුළ මේ වන විටද මතභේදාත්මක කරුණු කිහිපයක්ම මෙම PUBG Mobile ක්‍රීඩාව නිසා වාර්ථා වෙනවා.

මිට පෙර අවස්ථාවකදී PUBG Play කිරීම සඳහා දිනකට පැය 6ක සීමාවක් පැනවීම වෙනුවෙන් Tencent සමාගම ඉන්දියාව පාදක කරගෙන පරීක්ෂණ සිදු කරන බවට අප වාර්ථා කළා මතක ඇති.

PUBG Play කිරීම සඳහා දිනකට පැය 6ක සීමාවක් පැනවීම වෙනුවෙන් Tencent සමාගම ඉන්දියාව පාදක කරගෙන පරීක්ෂණ සිදු කරයි
PUBG, එහෙමත් නැතිනම් PlayerUnknown’s Battlegrounds ක්‍රීඩාව[https://en.wikipedia.org/wiki/PlayerUnknown’s_Battlegrounds] මුලු ලොව පුරාමඋන්මාදයක් සේ පැතිර ගොස් තිබෙන අතර, මේ වන විට ශ්‍රී ලංකාව ඇතුලත ද තත්ත්වය මීටසමාන ආකාරයක් ගන්නා බව අමුතුවෙන් කිවයුතු නැහැ.‍ කොහොම නමුත් මේ PUBG උන්මාදය අපේ අසල්වැ…

මේ වන විට වයස අවුරුදු 17ක ඉන්දියානු ජාතික තරුණයෙකු විසින් PUBG Mobile ක්‍රිඩාව සඳහා ඉන්දියානු රුපියල් මිලියන 1.6කට (ඩොලර් 21,424) අධික මුදලක් in-app purchases සඳහා වියදම් කර ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා.

මෙම තරුණයා දුරකථනය භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු වල යෙදෙන නිසා තමන් වැඩි වෙලාවක් mobile phone එක භාවිතා කරන බව ඔහුගේ දෙමාපින්ට පවසමින් PUBG Mobile game එක පැය ගණනාවක් පුරා ක්‍රීඩා කිරීමට අමතරව ඔහුගේ කණ්ඩා‍යමේ සිටින සාමාජිකයන් සඳහා ද game එක තුලදී in-app purchases සඳහා විශාල මුදලක් වැය කර ඇති බවට Tribune India වෙබ් අඩවිය වාර්ථා කරනවා.

වයස අවුරුදු 17ක මෙම තරුණයා තම මවගේ mobile phone එක මඟින් මේ අයුරින් PUBG Mobile ක්‍රීඩාව play කර ඇති අතර, ඔහුට අවශ්‍ය වූ විටදී game එක තුළ අවශ්‍ය දේවල් මිලදී ගැනීමෙන් පසුව බැංකුව මඟින් ඔහුගේ මවගේ දුරකථනයට ලැබෙන සියලුම පණිවිඩ ඔහු විසින් මකා දමා ඇති බවට අනාවරණය වේ.

මොහුගේ පියා රජයේ සේවකයෙකු වන අතර ඔහු විසින් බැංකු ගිණුම් තුනක මෙම ඉන්දියානු රුපියල් මිලියන 1.6කට අධික මුදල ඉතිරි කර ඇත්තේ තම පුතාගේ අනාගත අවශ්‍යතා සහ වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් බව ද සඳහන් වෙනවා.

මෙම ක්‍රීඩා නිර්මාණය කරන්නේ ස්භාවයෙන්ම ක්‍රීඩකයින් එයට ඇබ්බැහි වන ආකාරයට වන බැවින් විශේෂයෙන්ම ජංගම දුරකථනය භාවිතයෙන් game play කරන විට ඒ පිළිබඳව ඉතාමත් සැළකිල්ලෙන් එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් නොවන පරිද්දෙන් මෙන්ම තමාට හානියක් නොවන ලෙස එය පරිශීලනය කිරීමට තරම් සැළකිලිමත් වීමෙන් මෙවැනි අනතුරුදායක තත්ත්වය් වලින් වැලකී සිටීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Times Now News වෙබ් අඩවිය සහ AryNews වෙබ් අඩවිය භාවිතා කළ හැක.