NASA ආයතනයේ ගගනගාමීන් වන Doug Hurley හා Bob Behnken hk දෙදෙනා Falcon 9 රොකට්ටුවේ සහය ඇතිව Crew Dragon අභ්‍යවකාශ යානාව සමඟින් අභ්‍යවකාශ ගත වුනේ SpaceX ආයතනය විසින් තවත් දිනයක් ඉතිහාසයට එක් කරමිනි.

View post on imgur.com

මැයි 30 වැනි දින Florida වල Cape Canaveral හි ඇති Kennedy Space Center හි සිට මෙම Bob Behnken හා Doug Hurley යන ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ ගත වුණි.

මෙම Launch එක "Demo-2" ලෙස නම් වුණු අතර මෙය පසුගිය බදාදා දින (මැයි 27 වැනි දින) පැවැත්වීමට නියමිතව තිබුනද අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේදී සිදු කිරීමට කටයුතු කරනු ලැබිණි.

SpaceX ආයතනය විසින් Falcon 9 හා Falcon Heavy රොකට්ටු මගින් Orbit එක වෙත බොහෝ වතාවක් Cargo ගෙන ගියද මිනිසුන් රැගෙන ගිය පළමුවැනි වතාව වන්නේ මේ Doug සහ Bob රැගෙන ගිය අවස්ථාවයි.

SpaceX
SpaceX designs, manufactures and launches advanced rockets and spacecraft.

මෙහිදී භාවිතා කල Falcon 9 හි Booster එකද අද දින සාර්ථකව ගොඩබැස්සවීමට හැකියාව ලැබුණු අතර මිනිසුන් සමඟ අභ්‍යවකාශ්‍යට ගිය පළමු පෞද්ගලික අභ්‍යවකාශ යානා Booster එක ලෙස ඉතිහාසගත වෙනවා.

නාසා ආයතනය විසින් මෙම Commercial Crew Space Program එක පැවැත්වීම නිසා SpaceX හා Boeing සමාගම් දෙකටම මෙම Commercial Crew Contract එකට Bid කිරීමට හැකි වුණා.

Boeing සමාගම විසින් ඔවුන්ගේ අන්තිම නිරූපණ ගුවන් ගමනේදී අනපේක්ෂිත ගැටළු වලට මුහුණ දීම හේතුවෙන් මිනිසුන් සමඟ පියාසර කළ ප්‍රථමයා වන්නේ SpaceX සමාගමයි.

View post on imgur.com

ඇමරිකාවේ සිට මිනිසුන් අභ්‍යවකාශය වෙත පළමු වරට ගුවන්ගත වී දැන් දශක ගණනාවක් ගතවී ඇති අතර ඇමරිකානු අභ්‍යවකාශ ගමන් නැවත ඇරඹීමෙන් පෙනීයන්නේ තවදුරටත් රුසියාවේ පිහිට පැතිය යුතු නැති බවයි.

මෙයින් පෙනී යන්නේ මේ සඳහා එක් ගගනගාමියෙකු සඳහා වියදම් වුනු යූරෝ මිලියන 27.01 පමණ මුදල ඉතුරු කරගැනීමට ඇමෙරිකාවට හැකියාව ලැබෙනවා.

අදින් ආරම්භ වුනු මෙහෙයුම මොවුන් දෙදෙනාට සති කිහිපයක මෙහෙයුමක් වන අතර ආරම්භයෙන් මිනිත්තු 30කට පසුව ඔවුන් Manual Control Test එකක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් වෙනත් අවස්ථා වලදී Cargo රැගෙන යන නිසාවෙන් මෙම ක්‍රියාවලිය කිසිඳු Manual Control එකකින් තොරව සම්පූර්ණයෙන් ස්වංක්‍රීයව සිදුවේ.

මෙම මිනිත්තු 30 Manual Control Test එකෙන් පසුව, Crew Dragon එක නැවත Control එක ගෙන International Space Station (ISS) එකේ දොරටුව වෙන පියාසර කරයි.

ISS මත Behnken හා Hurley සති හයේ සිට දහසයක කාලයක් ගත කිරීමට බලාපොරොත්තු වන අතර දැනට එහි සිටින්නේ එක් ඇමරිකානුවෙක් පමණි. මෙය ISS හි කාර්යය මණ්ඩලයේ අවශ්‍යතා අනුව වෙනස් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔවුන් ආපසු පැමිනීමට තීරණය කල පසු නැවත Crew Dragon වත නැග එය මුද්‍රා තබා ISS වෙතින් Detach වනු ඇත. මෙම ක්‍රියාවලියත් සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රීය කටයුත්තක් වන අතර අභ්‍යවකාශ යානාවේ boost-back එන්ජිම මගින් අපසු පැමිණීම ක්‍රියාත්මක වෙයි.

නැවත වායුගෝලය වෙත පැමිනි පසු පැරෂුට් මගින් පෘථිවියට වැටීමේ වේගය අවම කරන අතර බලපොරොත්තු වන්නේ අත්ලාන්ටික් සාගරයේ වෙරළක් වෙත ගොඩ බෑමටයි. එහිදී SpaceX කාර්ය මණ්ඩලය විසින් කැප්සියුලය නැවත ලබාගෙන ගගනගාමීන්ට නැවත වියළි භූමිය කරා ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

සියල්ල හොඳින් සිදුවුවහොත් මේ වසර අවසානයේදී පූර්ණ, විධිමත් මෙහෙයුම් සඳහා අභ්‍යවකාශගාමීන් ISS වෙත පියාසර කිරීම ආරම්භ කිරීමට SpaceX ආයතනය සැලසුම් කර ඇති අතර CrewDragon මගින් ගෙවීම් කර (බොහෝ විට ඉතා ඉහළ මිලක් සහිතව) සාමාන්‍යය මිනිසුන් හට ගුවන් ගත වීමට අවස්ථාව ලබා දීමටද බලපොරොත්තු වෙයි

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා SpaceX වෙබ් අඩවිය, NASA වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.