SpaceX ආයතනයේ Starlink ව්‍යාපෘතිය පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදීම අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Starlink ව්‍යාපෘතියේ මූලික beta පරීක්ෂණ වලදී 100Mbps දක්වා වූ අන්තර්ජාල වේගයක් ලබාගැනීමට SpaceX සමාගම සමත් වෙයි
Starlink යනු Elon Musk සතු SpaceX සමාගම විසින් නිර්මාණය කරන ලද satellite networkඑකක් වන අතර satellite තාක්ෂණය ඔස්සේ සමස්ත ලෝකයටම අඩු මිලට අන්තර්ජාල පහසුකම්ලබාදීම මෙහි අරමුණ වෙනවා. මෙම network එකට අයත් satellites 700ක් පමණ මේ වන විට පහල පෘථිවි කක්ෂයේ ස්ථානගතකරඇති අතර [/spacex-test-fires-rocket-f…

විශේෂයෙන්ම මෙම සේවාවේ මූලික beta පරීක්ෂණ අතරතුරදී 100Mbps දක්වා වූ අන්තර්ජාල වේගයක් ලබාගැනීමට හැකියාව ලැබුණු බවත්, ඒ අතරතුරදී ඇමෙරිකාවේ ආපදා තත්ත්වයන් වලට ලක් වූ ප්‍රදේශ වල හදිසි ප්‍රතිචාර අංශයන් වෙත මෙම සේවාව භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමත් මෑතකදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තා වුණු විශේෂ සිදුවීම් වෙනවා.

SpaceX සහයෙන් ලැව්ගින්නට හසුවූ ඇමෙරිකාවේ ප්‍රදේශවල Emergency Response කණ්ඩායම් වෙත Starlink Internet ලබාදෙයි
ඇමෙරිකාවේ Washington ප්‍රාන්තයේ ලැව්ගින්නට හසුවූ ප්‍රදේශවල සිටන EmergencyResponse කණ්ඩායම්වල සාමාජිකයන් හට අවශ්‍යය internet පහසුකම් ලබාදීමට SpaceX සමාගමඉදිරිපත් වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා. > Glad SpaceX could help! We are prioritizing emergency responders & locationswith no Internet connec…

එමෙන්ම මීට අදාළ තවත් චන්ද්‍රිකා 60 ක් පමණ පසුගිය සතියේදී පහළ පෘථිවි කක්ෂයේ ස්ථානගත කිරීමට SpaceX සමාගම කටයුතු කළ අතර ඒ අනුව මේ වන විට සමස්ත චන්ද්‍රිකා සංඛ්‍යාව 800 කට ආසන්න වී තිබෙනවා.

මෙම නවතම කක්ෂගත කිරීම සම්බන්ධව Twitter පණිවිඩයක් නිකුත් කරමින් Elon musk මහතා විසින් පෙන්වා දී තිබෙන්නේ මෙම අන්තර්ජාල සේවාව මහජන භාවිතයට දැන් සූදානම් බවයි.

ඔහු පෙන්වා දෙන්නේ හදිසි සේවා සඳහා සහ ලොව පුරා අන්තර්ජාලය ලබාදී නොමැති ස්ථානවල සේවය සඳහා මෙම අභ්‍යාවකාශ අන්තර්ජාල සේවය භාවිතයට ගැනීමට හැකියාව තිබෙන බවයි.

මෙලෙස අලුතෙන්ම කක්ෂගත කරන ලද චන්ද්‍රිකා 60 නියමිත ස්ථානයට පැමිණි පසු ඇමරිකාවේ සහ දකුණු කැනඩාවේ තරමක් පුළුල් public beta සේවාවක් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව Elon Musk විශ්වාසය පළ කරනවා.

මේ අනුව Wi-Fi hotspot එකක් ලෙස ක්‍රියා කරන කුඩා ඇන්ටනාවක් භාවිතයෙන් ඕනෑම කෙනෙකුට මෙම අන්තර්ජාල සේවය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

කොහොම වුණත් අප කලින් පුවතින් වාර්තා කළ පරිදිම මෙම සේවාව සඳහා තාරකා විද්‍යාඥයන්ගේ අප්‍රසාදය තවදුරටත් එල්ලවෙමින් තිබෙන අතර, SpaceX සමාගම පෙන්වා දෙන්නේ සිය චන්ද්‍රිකා වලින් මෙලෙස සිදුවන අපහසුතාවයන් හැකි තරම් වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

එය එසේ වුවත් Satellite Constellations 1 (Satcon 1 - එනම්, චන්ද්‍රිකා තාරකා මණ්ඩල නිසා තාරකා විද්‍යාවට සිදුවන බලපෑම පිලිබඳව සාකච්ඡා කරන වැඩමුළුවක්) වැඩමුළුවේදී නිකුත් කල නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනු ලැබුවේ,වළක්වාගැනීමට මොන තරම් පියවර ගත්තද ඉදිරි පරම්පරාවේ විද්‍යා වැඩසටහන් සඳහා මෙම ව්‍යාපෘතියෙන් සිදු වන බලපෑම අවතක්සේරු කළ නොහැකිවනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ ZDNet වෙබ් අඩවිය භාවිතා කළ හැක.