Sony සමාගම විසින් පසුගිය ජුනි 4 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ තමන්ගේ PlayStation 5 event එක George Floyd ගේ අභාවය නිසා ලොව පුරා සිදුවන විරෝධතා හේතුවෙන් කල් දැමීමට පියවර ගනු ලැබුවා.

මේ වන විට ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනයක් නිකුත් කරමින් Sony සමාගම විසින් තමන්ගේ PS5 event එක ජුනි 11 වන බ්‍රහස්පතින්දා 4PM ET පැවැත්වීමට සැලසුම්කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම event එක අතරතුර PS5 games ප්‍රදර්ශනය කිරීමටද Sony සමාගම සැලසුම් කර ඇති අතර එය “පැයකට වඩා වැඩි කාලයක් ” පැවැත්වෙනු ඇතැයි Sony Interactive හි CEO වන Jim Ryan එම බ්ලොග් සටහන හරහා ප්‍රකාශ කර සිටිනවා.

මෙම ඉදිරිපත් කිරීම පෙර පටිගත කල එකක් වන අතර, 1080p 30 fps ආකාරයෙන් විකාශනය කිරීමට නියමිත වෙනවා.

Sony කාර්යමණ්ඩලයේ බොහෝදෙනෙක් COVID-19 වසංගතය හේතුවෙන් නිවසේ සිට වැඩකටයුතු කරන බැවින් නිෂ්පාදන කටයුතු වඩාත් පහසු කිරීම සදහා ආයතනය මෙම පියවර ගෙන ඇති බව Sony Interactive ආයතනයේ Content Communications සදහා වන ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක Sid Shuman විසින් එම blog සටහන හරහා ප්‍රකාශ කර තිබෙනවා.

තවද මෙම අවස්ථාවට headphones පැළඳීමට ද Shuman නිර්දේශ කර ඇති අතර මීට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ ඉතාමත් සිත්ඇදගන්නාසුළු audio නිර්මාණ මේ event එකට ඇතුලත් වීම බවයි. විශේෂයෙන්ම මෙය PlayStation 5 සඳහා දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රිමාණ (3D) ශ්‍රව්‍ය හැකියාවන් පිළිබඳ සඳහනක් සේද පෙනෙයි.

Sony සමාගම විසින් console එකේ නම , එහි logo එක, එහි hardware specifications සහ නව DualSense controller එක පිළිබඳව හෙළි කර ඇති නමුත් Sony සමාගම විසින් console එකෙහි සැලසුම පිළිබඳව තවමත් හෙළි කර නොමැති අතර බ්‍රහස්පතින්දා, එනම් අද දින Sony සමාගම එය ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත.

කෙසේ නමුත් PlayStation 5 console එක සතුව custom eight-core AMD Zen 2 CPU එකක්, AMD RDNA 2 පාදක කරගත් GPU එකක්, 16GB of GDDR6 RAM එකක්, 825GB SSD storage එකක්ද ඇති බව හෙළිවී ඇත.

ඊට අමතරව DualSense controller එක haptic feedback, adaptive triggers යන පහසුකම් මෙන්ම, integrated microphone එකකින් සහ USB-C port එකකින් සමන්විත වෙනවා.

මේ controller එකෙහි Share button එක “Create” button ලෙස replace කර ඇති අතර එමගින් තවමත් ක්‍රීඩකයින්ට කිරීමට ඉඩ දෙන්නේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රකාශ කර නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Playstation නිළ blog අඩවිය, The Verge වෙබ් අඩවිය, GameSpot වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක