Android සහ iOS වලදී Screen share කිරීමේ පහසුකම Skype වලට ලබා දීමට Microsoft සමාගම කටයුතු කරයි

දැනට අපි වැඩි වශයෙන් භාවිතා කරන WhatsApp, Facebook Messenger වගේ Instant messaging සේවාවන් එන්නට බොහෝ කාලයකට කලින් සිටම Skype කියන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වුණ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

Skype platform එකේ desktop app එකේ දැනටමත් තිබෙන Screen sharing පහසුකම iOS සහ Android සඳහා වන mobile apps වලට ද එකතු කිරීමට Microsoft සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම තම ජංගම දුරකථනය භාවිතා කරමින් PowerPoint presentation එකක් වැනි දෙයක් සංවාදයේ යෙදී සිටින අනෙකුත් පුද්ගලයින් සමඟ share කරගැනීමට මෙම පහසුකම ප්‍රයෝජනවත් වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම පහසුකම භාවිතා කරන විට ජංගම දුරකථනයේ සම්පූර්ණ screen එකම මේ හරහා share වෙන නිසාවෙන්, අදාල අවස්ථාවේදී ඔබට notification පැමිණියහොත් හෝ වෙනත් ආකාරයකින් වෙනත් දෙයක් open වුවද එය එම අවස්ථාවෙදීම අනෙකුත් අයට ද දැකගතහැකි වෙන බව ද Microsoft සමාගම දැනුවත් කරනවා.

මේ පහසුකම තවමත් Facebook Messenger, WhatsApp හෝ Viber වැනි අනෙකුත් instant messaging apps වල දකින්නට නොලැබෙන අතර Skype වල සාමාන්‍යය හා business version එකට ද මෙය එකතු කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වන විට Skype Insider, එහෙමත් නැතිනම් Skype වල beta version එක භාවිතා කරන්නන් හට මෙම පහසුකම ලබා දීමට මොවුන් කටයුතු කර ඇති අතර, ඉතාමත් ඉක්මණින් සියළුම පරිශීලකයින් හට ලබා දීමට කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.