Sharp සමාගම විසින් face mask නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ TV factory එකක් භාවිතා කිරීමට සූදානම් වෙයි
ලොව පුරා Coronavirus එක පැතිර යාමත් සමඟින් face mask, එහෙමත් නැතිනම් මුහුණු ආවරණ සඳහා තිබුණු ඉල්ලුම ඉතාමත් ඉක්මණින් ඉහළ යන්නට වුණු බව පසුගිය කාළසීමාව ඇතුලත ඔබ දකින්නට ඇති.
ඔන්න දැන් ජපාන සමාගමක් වන Sharp සමාගම විසින් LCD panels හා TV නිෂ්පාදනය කිරීමට භාවිතා කළ ඔවුන්ගේ කර්මාන්තශාලාවක් මේ face mask නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කිරීමට සූදානම් වෙනවා.
මේ අනුව මෙම මාසයේ අවසාන බාගය වන විට දිනකට mask 150,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත්, එය දිනකට masks 500,000 දක්වා ඉහළ දැමීමටත් බළාපොරොත්තුවෙන් සිටිනවා.
මේ face mask නිෂ්පාදනය කිරීම ඉතාමත් සෞඛයාරක්ෂිත සහ ප්‍රමිතිසහගත ලෙස සිදු කළ යුතු වන බවත්, ඒ සඳහා ඔවුන් සතුව ඇති මේ factory එක ඉතාමත් සුදුසු වන බවත් Foxconn සමාගමට අයිති මේ Sharp සමාගම ප්‍රකාශ කර සිටිනවා.
කොහොම වුණත් ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ සාමාන්‍යය පුද්ගලයෙක් face mask එකක් පැළඳිය යුතු වන්නේ අදාල රෝගය වැළඳී ඇති හෝ වැළඳී ඇති බවට සැක සහිත පුද්ගලයන් සමඟ කටයුතු කරනු ලබන අවස්ථා වලදී පමණක් බවයි.
Seriously people- STOP BUYING MASKS!
— U.S. Surgeon General (@Surgeon_General) February 29, 2020
They are NOT effective in preventing general public from catching #Coronavirus, but if healthcare providers can’t get them to care for sick patients, it puts them and our communities at risk!
https://t.co/UxZRwxxKL9
සියළුම දෙනා face mask මිලදීගැනීම හේතුවෙන් රෝගීන්ට අවශ්‍යය වන face mask ලබාගැනීමට සෞඛ්‍යය සේවා වලට නොහැකි වුවහොත් ඒ හරහා මුලු සමාජයටම අයහපතක් සිදු වන බවත් එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල්වරයා පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, WHO වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.