ඇමරිකාවේ Colorado Boulder සරසවියේ ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් පිරිසක් විසින් ස්වයංක්‍රීයව සුවවීමේ හැකියාව සහිත ඉලෙක්ට්‍රොනික සමක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

මෙම ඉලෙක්ට්‍රොනික සමෙහි ඇති විශේෂත්වය වන්නේ එය අප සාමාන්‍යයෙන් භාවිතා කරන Smartwatch එකක් වෙනුවට අතෙහි පැළඳිය හැකි වීමයි.

මේ හරහා පැළඳිය හැකි උපාංග නැතිනම්, Smartwatch ආදිය නිසා පරිසරයට එකතු වන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මෙම විද්‍යාඥයන් බලාපොරොත්තු පළ කරනවා.

මෙම ඉතා සිහින් සහ නම්‍යශීලී ඉලෙක්ට්‍රොනික සමට ඇතුළු කර තිබෙන Circuit board වලට ස්වයංක්‍රීයව සුවවීමේ හැකියාව තිබෙන බව සඳහන් කර තිබෙන අතර එය වඩා හොඳ Streachbility එනම් ඇදෙන සුළු ගතියකින් යුක්ත වන බව මොවුන් පෙන්වා දෙනවා.

මේ නිසා එය අතට හෝ මාලයක් ලෙස බෙල්ලට හෝ පැළඳීමේ හැකියාව තිබෙන අතර, පැළඳීමෙන් පසු මෙම ඉලෙක්ට්‍රොනික සමට ඔබේ ශරීරයේ හෘද ස්පන්දනය හා ඔබේ Step Count එක ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

නම්‍යශීලී සහ ස්වයංක්‍රියව සුව වීමේ හැකියාව සහිත Polyimine නම් Meterial එකක් භාවිතා කොට මෙය නිර්මාණය කර තිබෙන අතර එය අප සාමාන්‍යයෙන් භාවිතා කරන Plaster එකකට වඩා තරමක් ඝනකමින් යුක්ත වෙනවා.

දැනට අප සාමාන්‍යයෙන් භාවිතා කරන Samrtwatch හරහා සිදු කරන ආකාරයේ හැකියාවගෙන් තරම් මෙම ඉලෙක්ට්‍රොනික සම වැඩිදියුණු වී නැති නමුත්, අනාගතයේදී අනිවාර්යයෙන්ම එය පැළඳිය හැකි උපාංග, එහෙමත් නැතිනම් wearable devices සම්බන්ධයෙන් වන තාක්ෂණය නව මානයකට රැගෙන යනු නොඅනුමානයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ Science Focus වෙබ් අඩවිය භාවිතා කළ හැක.