Samsung සමාගම විසින් 2008 වසරේදී ජංගම දුරකථන සඳහා AMOLED display හඳුන්වා දුන් අතර Nokia N85, AMOLED තිරයක් සමඟ නිකුත් කළ ලොව ප්‍රථම ජංගම දුරකථනයි.

විවිධ දුර්වලතා පැවතියද AMOLED තිර ජංගම දුරකථන display සඳහා මෙතෙක් ලැබුණු සාර්ථකම විසඳුමයි.

පසුකාලීනව Samsung සමාගම විසින් Super AMOLED හඳුන්වා දුන් අතර එහිම Extended version එකක් ලෙස HDR10+ සඳහා සහය දක්වන Dynamic AMOLED display ද හඳුන්වා දුන්නා.

What is Dynamic AMOLED?
Dynamic AMOLED is a new screen technology that takes your view to new heights, available on the Galaxy S10 series’ Infinity-O Display and Galaxy Fold’s Infinity Flex Display. This next generation AMOLED display includes HDR10+ certification for cinema-grade color and contrast.

මෑතක නිකුත් වූ Galaxy S10 ඇතුළු High End සියලුම දුරකථන වල ඇතුළත් වූයේ මෙම Dynamic AMOLED display එකයි.

කෙසේ වෙතත් Samsung සමාගම Samsung PIFF නමින් හැඳින්වෙන නවතම වෙළඳ නාමයක් සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර ප්‍රධාන Category 9 ක් යටතේ විස්තර කර ඇති මෙය ඉතා සරලවම ජංගම දුරකථන සඳහා වන අලුත් display වර්ගයක් වෙනවා.

කොහොම උනත් මෙහි Panel Type එක තවමත් නිශ්චිතව හෙළි වී නැති අතර එය Mini LED හෝ Micro LED ඔස්සෙ බලගැන්වෙනවාද, නැතිනම් 5G සේවා සඳහා ගැලපෙන ලෙස වැඩිදියුණු කරන ලද OLED Panel එකක්ද යන්න ගැන හෝ විස්තර වාර්තා වන්නේ නැහැ.

Samsung සමාගම P-OLED තාක්ෂණය යුතු තිර සිය Fordable උපාංග සඳහා භාවිතා කල අතර මෙහි P යනු Plastic යන්නයි.

ඒ නිසා PIFF යන්නෙහිද P යනු Plastic  විය හැකි බව අනුමාන කෙරෙන අතර ඒ අනුව මෙය ඉදිරියේදී නිකුත් වීමට නියමිත Fordable උපාංග වලට මෙන්ම මෙම වසරේ නිකුත් වීමට නියමිත Galaxy Note 20 Series එක සඳහා ද භාවිතා විය හැකි තිර වර්ගයක් වීමට වැඩි ඉඩක් පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Headlines වෙබ් අඩවිය හා Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.