මේ වන විට smartwatch වෙළඳපොල වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් Apple Watch තවදුරටත් ලොව වැඩිම අලෙවියක් සහිත Smart Watch Series එක බවත් මීට කලින් අප ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.

පසුගිය වසරට සාපේක්ෂව ලොවපුරා Smartwatch වෙළඳපොල 12% කින් වර්ධනය වී ඇති බව Canalys ආයතනය අනාවරණය කරයි
Global technology market analyst firm එකක් වන Canalys ආයතනය විසින් සිදු කරන ලදපරීක්ෂණයක ප්‍රතිඵල අනුව ලොව පුරා smartwatch වෙළඳපොළ පසුගිය වසරට සාපේක්ෂව 12%කින් පමණ වර්ධනය ඇති බව වාර්ථා කර සිටිනවා. කොහොම නමුත් Apple Watch අලෙවිය 13% කින් අඩු වී ඇති බවද මෙම වාර්තාව විසින් සඳහන්කර ඇති නමුත් තවදුරටත්…

Apple Watch Design එක සතුව ඇති අලංකාරීත්වය මෙන්ම එහි ඇති features ද මෙලෙස පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇති අතර Apple Watch series එකේ විශාලතම තරඟකරුවා වන්නේ Samsung සමාගමේ Galaxy Watch series එකයි.

නමුත් Apple Watch හි දැනට නැති ප්‍රධානම පහසුකමක් සිය Smart Watch වෙත එක් කිරීමට Samsung සමාගම සූදානම් වන බව වාර්ථා වෙනවා.

මේ අනුව තනිවම රුධිර පීඩනය මැනීම සඳහා වන App එකක් Galaxy Watch වෙනුවෙන් නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර Apple watch එක තුළ තවමත් මේ ආකාරයෙන් රුධිර පීඩනය මැනීමේ කටයුත්ත සිදු කිරීමේ හැකියාවක් නැහැ.

කොහොම නමුත් මේ app එක විසින් භාවිතා කරන්නේ Galaxy Active Watch එකේ ඇති optical sensor එක නිසාවෙන්, වඩාත් නිවැරදි pressure track කිරීමක් පවත්වාගැනීමට නම් මෙය සෑම සති හතරකටම වරක් නැවත calibrate කළ යුතු වන බව ඔවුන් පෙන්වා දෙනවා.

එබැවින් මෙය blood pressure එක මැනීමට වඩා එහි trend එක පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වැදගත් වනු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

Samsung සමාගම විසින් මෙම Blood pressure app එක මේ වසර මුලදී ප්‍රකාශයට පත් කල අතර මේ වන විට දකුණු කොරියාවේ Ministry of Food and Drug Safety ආයතනය විසින් මෙම App එක සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ හේතුව නිසාවෙන් දැන් Samsung සමාගම සූදානම් වන්නේ එය සියලුම කොරියානු Galaxy Watch පරිශීලකයන් වෙත ලබා දීමට වන අතර ආරම්භයක් ලෙස මුලින්ම එය Galaxy Watch Active 2 වෙත ලැබෙනු ඇති.

Samsung සමාගම සඳහන් කරන ආකාරයට මෙම feature එක පළමු වරට watch එක හරහා භාවිතා කිරීමට පෙර සාම්ප්‍රදායික රුධිර පීඩන පටියකින් එය calibrate කළ යුතු වන අතර එම ප්‍රතිඵලය Galaxy smartphone එකේ Health App එකට ඇතුළත් කළ යුතු අතර ඒ ඔස්සේ මීළඟ වතාවන් සඳහා smartwatch එක විසින් රුධිර පීඩනය ගණනය කරනු ලබනවා.

අනතුරුව අතෙහි මැණික් කටුව ආශ්‍රිත ව ඇති ස්පන්දන තරංග විශ්ලේෂණය හරහා ඕනෑම තැනක ඕනෑම වෙලාවක රුධිර පීඩනය මැන බැලීමට මෙම App එක ඔස්සේ Galaxy Watch පරිශීලකයින්ට හැකියාව ලැබෙන අතර අවශ්‍ය නම් එම ප්‍රතිඵලය වෛද්‍ය වරයෙකු සමග share කර ගැනීමට ද හැකියාව තිබෙනවා.

එමෙන්ම Samsung Health App එක ඔස්සේ Blood Pressuring history එකද පසුව බැලිය හැකියි.

කොහොම වුණත් Samsung සමාගම මේ feature එක ලොව පුරා සිටින Galaxy Watch පාරිභෝගිකයන් හට ලබා දීම ලබාදීම තවමත් ආරම්භ කර නොමැති අතර ඊට හේතුව නම් මෙම app එක සඳහා අදාළ රටවල සෞඛ්‍යය බළධාරීන්ගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වීමයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Pressrelease වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.