ජංගම දුරකථන සඳහා RAM නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයෙකු වන Samsung සමාගම මේ වන විට ඔවුන්ගේ 16GB LPDDR5 RAM chips මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරනවා.

12GB LPDDR5 DRAM මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර මාස පහකට පසුව, ඔවුන්ගේ Pyeongtaek හි පිහිටි කර්මාන්ත ශාලාවේ 16GB RAM නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර මීළඟට නිෂ්පාදනය කිරීමට නියමිත premium ජංගම දුරකථන වලට මේ 16GB RAM අන්තර්ගත කෙරෙනු ඇත.

නව module එක 2nd Generation 10nm ආකෘතිය මත ගොඩනගා ඇති අතර 5,500Mb/s දත්ත හුවමාරු වේගය ලබා දෙන බවත් එය කලින් තිබූ LPDDR4X වලට වඩා 1.3 ගුණයක වැඩි වේගයක් වන අතර එයට වඩා 20% බැටරි බලය ඉතිරි කරදෙන්නටත් සමත් වන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

Samsung සමාගම DRAM නිශ්පාදනය වර්ධනය කල ආකාරය

මෙම නවතම මොඩියුලය 12Gb chips අටකින් හා 8Gb chips හතරකින් යුතු අතර මෙය අද බොහෝ ඉහළ මට්ටමේ ලැප්ටොප් සහ Desktop පරිගණකවල ඇති DRAM ධාරිතාව මෙන් දෙගුණයක් පමණ වන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම 3rd Generation 10nm ආකෘතිය මත ගොඩනැන්වීමට බලාපොරොත්තු වන 16GB LPDDR5 පැකේජය එළැඹෙන වසරේ නිෂ්පාදනය කිරීමට Samsung සමාගම සැලසුම් කර ඇති අතර එමඟින් දත්ත හුවමාරු වේගය 6,400 Mb/s දක්වා ඉහළ යනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.