අප දැනට භාවිතා කරනු ලබන online account වලට log විමට password භාවිතා කිරීම කරදරකාරී මෙන්ම phishing attacks වැනි දේ හේතුවෙන් අද වන විට ආරක්ෂිතභාවය අඩු ක්‍රමවේදයක්ද බවට පත්ව තිබෙනවා.

මේ සඳහා භාවිතා කළ හැකි එක විකල්පයක් වනුයේ ඔබව හඳුනා ගැනිම සඳහා ඔබ සතුව ඇති hardware key එකක් (USB මගින් සම්බන්ධ වන උපකරණයක්) භාවිතා කිරීම වන නමුත් මෙයද web login සඳහා වඩා ප්‍රායෝගික ක්‍රමයක් නොවන බව ඔබටම වැටහෙනවා ඇති.

මේ සඳහා වඩා ප්‍රායෝගික ක්‍රමයක් ලෙස hardware keys වෙනුවට ඔබගේ biometrics භාවිතා කිරීමට තාක්ෂණික ආයතන පෙළඹී තිබෙන අතර මෙම පහසුකම ප්‍රායෝගිකව යොදාගනිමින් Google සමාගම 2019 වසරේ Android සඳහා වූ chrome browser එක මඟින් Google සේවාවන් සඳහා login වීමට fingerprint එක භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

View post on imgur.com

Apple සමාගම මෙම පහසුකම login වීම සඳහා ලබා නොදුන් නමුත් මේ දක්වා login අවස්ථාවලදී username එක සහ password එක autofill කිරීමට Touch ID සහ Face ID එක භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබුණා.

WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳව දැනගනිමු
ජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2020 event එක, online eventඑකක් ලෙස පැවැත්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියමකරයිසාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Co…

කොහොම නමුත් මෙවර ඉන් ඔබ්බට යමින්, නවතම iOS 14 සහ macOS Big Sur යන OS සංස්කරණ ද්විත්වය සමඟ හඳුන්වාදෙන Safari 14 web browser මඟින් මෙම තාක්ෂණය සඳහා සහාය දක්වන ඕනෑම website එකකට login වීම සඳහා, Password වෙනුවට සෘජුවම Touch ID සහ Face ID පහසුකම භාවිතා කිරීමේ හැකියාව මෙම වසර අග භාගයේදී ලබාදීමට සූදානම් බව Apple සමාගම පවසනවා.

Meet Face ID and Touch ID for the web - WWDC 2020 - Videos - Apple Developer
Face ID and Touch ID provide a frictionless experience when logging in — and now you can use them on your websites in Safari with the...

මේ වන විටත් Safari හි beta release notes එකේ මෙම feature එක පිළිබඳව තහවුරු කිරීමක් කර ඇති අතර developer වරුන් වෙනුවෙන් වුණු WWDC event එකේ video එකක මෙම feature එක ක්‍රියා කරන ආකාරය Apple සමාගම විසින් සවිස්තරාත්මකව දක්වා ති‍බෙනවා.

කෙසේ වෙතත් මෙම පහසුකම ලබා දීම සඳහා අදාල website එකට එහි developer වරුන් විසින් මෙයට ගැලපෙන ලෙස සකස් කළ යුතු වන අතර ඒ සඳහා මෙම Safari web browser එකෙහි සහාය දැක්වීම විශාල පිටුවහලක් සහ පෙළඹවීමක් ඇති කරනු ඇතැයි Apple සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර ගැන ගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.