පසුගිය අප්‍රේල් මාසයේදී හැකර්වරුන් විසින් සොරකම් කරනු ලැබූ විශාල credit සහ debit card දත්ත ප්‍රමාණයක් hacker forum එකක් තුළ අලෙවි කරමින් පවතින බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Credit Card 400,000ක් මේ වන විට Dark Web එක තුළ අලෙවි කිරීමට හැකර්වරුන් කටයුතු කරයි
ආසන්න වශයෙන් credit card ලක්ෂ 4ක් පමණ මේ වන විට Dark Web හැකර්වරුන් විසින්අන්තර්ජාලයේ ඇති විශාලතම card වෙළඳසැල ලෙස සැළකෙන Joker’s Stash නම් වූ onlineවෙළඳපොල හරහා අලෙවි කරමින් ඇති බව වාර්ථා වෙනවා. මේ සියළුම card සඳහා ඇමෙරිකානු ඩොලර් $1,985,835 ක මිලක් නියම කර ඇති අතර එක් cardඑකක් සඳහා ආසන්න වශයෙන…

ඔන්න දැන්, මේ ආකාරයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් වංචා හා අනවසරයෙන් පරිඝනක වෙත ඇතුලුවීමට මෙන්ම වෙනත් අපරාධ සඳහා පහසුකම් සැලසීම සදහා වෙන්කර ඇති වෙබ් අඩවි දෙකක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වරද පිලිගත් රුසියානු හැකර්වරයෙකු හට එක්සත් ජනපද ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරණය විසින් වසර 9ක සිර දඬුවමක් නියම කිරීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ් වංචා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව එල්ල වී ඇති පැමිණිලි 5ක් අතුරින්, දෙකක් සඳහා Aleksei Yurievich Burkov නමැති මේ 30 හැවිරිදි තරුණයා මේ වසරේ ජනවාරි මාසයේදී වරද පිළිගෙන තිබෙනවා.

කාඩ්පත් වර්ගය, සම්භවය සහ කාඩ්පත් හිමිකරුගේ තොරතුරු ලබා ගැනීම මත පදනම්ව, එක් Credit/Debit card එකකට ඩොලර් 2.50 ත් 10 ත් අතර ගණනකට අලෙවි කිරීමට කටයුතු කර ඇති මොහු, සොරකම් කරන ලද ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් දත්ත මිලදී ගැනීම සහ විකිණීමට සකස් කල Cardplanet නම් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට ද කටයුතු කර තිබෙනවා.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, Cardplanet වෙබ් අඩවිය හරහා 2009 සහ 2013 යන කාළසීමාව ඇතුලත දළ වශයෙන් credit/debit cards 150,000 ක් පමණ අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර ඒවායින් බොහොමයක් එක්සත් ජනපද පුරවැසියන්ට අයත් වූ බවත්, ඩොලර් මිලියන 20 කට අධික වංචනික මිලදී ගැනීම් මේ හරහා සිදු කර ඇති බවත් වාර්ථා වෙනවා.

Cardplanet වෙබ් අඩවියට අමතරව, Burkov සයිබර් අපරාධකරුවන් සඳහා තවත් invite-only forum වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඔවුන් සොරකම් කළ personal identifying information (PII), අනතුරුදායක software, සහ මුදල් විශුද්ධිකරණය (money laundering) සහ අනවසරයෙන් ඇතුළුවීම වැනි අපරාධකාරී ක්‍රියාවන් සිදු කිරීම සඳහා වන වෙනත් සේවාවන් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Hacker News වෙබ් අඩවිය, Bleeping Computer වෙබ් අඩවිය සහ The Reatpost වෙබ් අඩවිය භාවිතා කළ හැක.