Under display fingerprint තාක්ෂණය ජංගම දුරකථන වෙත පැමිණියේ මීට වසර දෙකකට පමණ පෙර සිට වන අතර මුලින්ම එය වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කලේ Vivo සමාගමයි.

එතැන් සිට ලොව විවිධ ජංගම දුරකථන සමාගම් මෙම තාක්ෂණය සිය ජංගම දුරකතන වෙත අන්තර්ගත කිරීමට කටයුතු කළ නමුත් මේ තාක්ෂණය LCD screen එකක් සමඟින් භාවිතා කළ හැකි ක්‍රමයක් මේ වන තුරු කිසිවෙකුත් එළිදැක්වීමට සමත් වූයේ නැහැ.

මීට හේතුව වන්නේ LCD තිරයක් ක්‍රියාත්මක වීමේදී එයට පහලින් සවි කර ඇති backlight එකෙන් නිකුත් වන ආලෝකය, fingerprint sensor එකේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණවීමයි.

මේ නිසා මිලෙන් අඩු බජට් දුරකථන වලට under display fingerprint තාක්ෂණය ඇතුලත් කිරීමට මේ දක්වා හැකියාවක් තිබුණේ නැහැ.

එයට විසඳුමක් සොයා ගැනීමට Xiaomi සමාගම සමත් වී සමත්වී ඇති අතර ඔවුන් විසින් LCD තිරයක් සමඟ සමග ක්‍රියාත්මක වන under display Fringer Print තාක්ෂණයක් සොයා ගැනීමට සමත්වී තිබෙනවා.

Xiaomi සමාගමේ උප සන්නාමයක් වන Redmi හි සන්නාම කලමනාකරු වන Lu Weibing මහතා LCD තිරයක් සහිත Redmi note 8 pro දුරකථනය සමගින් මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන වීඩියෝ එකක් නිකුත් කරමින් මේ බව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් මෙම තාක්ෂණය සහිතව වෙළඳපොලට නිකුත් වීමට නියමිත පළමු දුරකථනය පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් නැතත් Redmi note 9 හෝ Redmi K30 Pro යන දුරකථන මෙම නවතම තාක්ෂණය සමග සමඟ නිකුත් වේ යැයි අනුමාන කළ හැකි වෙනවා.

Update: 11/03/2020
Redmi සමාගම ලෙස සඳහන් කර තිබුණු කොටස් Xiaomi සමාගම ලෙස වෙනස් කරන ලදී.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Weibo වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.