Redmi Note 11 දුරකථන මාදිලි පෙළ ඉන්දියාවේ නිළ වශයෙන් දියත් කරයි

Xiaomi සමාගමට අනුබද්ධිත සමාගමක් වන Redmi සමාගමේ නවතම Smartphone lineup එක වන Redmi Note 11 දුරකථන මාදිලි පෙළ පසුගිය බදාදා (February 9) අසල්වැසි ඉන්දියාවේ නිළ වශයෙන් දියත් කරනු ලැබුවා.

මෙසේ දියත් කරනු ලැබූ Redmi Note 11 දුරකථන මාදිලි පෙළේ දුරකථන දෙක වන Redmi Note 11 සහ Redmi Note 11S බොහෝ දුරට සමාන විශේෂාංග වලින් යුක්ත වනවා. ඒ වගේම මෙම දුරකථන, Smartphone ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් වලට අභියෝගයක් වන පරිදි නිර්මාණය කිරීමට Redmi සමාගම සමත් වී තිබෙනවා.

Redmi Note 11

6.43-inch full-HD AMOLED Dot Display එකකින් සමන්විත වන Note 11 දුරකථනයට 20:9 aspect ratio යටතේ 90Hz දක්වා වූ refresh rate එකක් ලැබී තිබෙනවා. octa-core Qualcomm Snapdragon 680 SoC එක මඟින් බලගැන්වෙන මෙම දුරකථනයෙහි OS එක ලෙස, Android 11 සමඟින් නවතම MIUI 13 ක්‍රියා කරනවා. එමෙන්ම 6GB දක්වා වූ LPDDR4X RAM මඟින් ක්‍රියා කරන මෙම දුරකථන මාදිලියේ Onboard 128GB Storage පහසුකමක් ලැබී තිබෙන අතර අවශ්‍ය නම් microSD card එකක් හරහා Storage එක 1TB දක්වා පුළුල් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

Quad rear camera setup එකකින් සමන්විත මෙම දුරකථන මාදිලියට 1.8 Aperture එකක් සමඟින් 50-megapixel primary lens එකක්, 8-megapixel ultra-wide secondary lens එකක්, Closer Shots ලබා ගැනීම සඳහා 2-megapixel macro lens එකක් වගේම 2-megapixel depth sensor එකක් ලැබී තිබෙනවා. ඒ වගේම 2.4 Aperture එකක් සමඟින් 13-megapixel selfie camera එකක් මෙම දුරකථන මාදිලියට හිමි වී තිබෙනවා.

Budget Range එකට අයත් දුරකථනයක් ලෙස මෙම දුරකථනය 4G LTE දක්වා පමණක් ක්‍රියා කරනවා. Connectivity options ලෙස Wi-Fi 802.11ac, Bluetooth v5.0, GPS/ A-GPS, Infrared (IR) blaster, USB Type-C, and a 3.5mm headphone jack යන පහසුකම් ලැබී තිබෙනවා.

Accelerometer, Ambient Light Sensor, Gyroscope, Magnetometer, And Proximity Sensor ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත මෙම දුරකථනය 33W දක්වා වූ Pro fast charging Support කරන 5000mAh battery එකකින් පණ ගැන්වී තිබෙනවා.

Redmi Note 11 with 4GB RAM + 64GB = Rs.13,499
Redmi Note 11 with 6GB + 64GB = Rs.14,499
Redmi Note 11 with 6GB + 128GB = Rs.15,999
(සියළුම මිල ගණන් ඉන්දියානු රුපියල් වලින් දක්වා ඇති බව සළකන්න.)


Redmi Note 11S

Redmi note 11 දුරකථනයට බොහෝ සෙයින් සමාන Redmi Note 11S දුරකථනයද 6.43-inch full-HD AMOLED Dot Display එකකින් සහ 90Hz දක්වා වූ refresh rate එකකින් සමන්විත වනවා. octa-core MediaTek Helio G96 SoC මඟින් බල ගැන්වෙන මෙම දුරකථනයෙහි OS එක ලෙස, Android 11 සමඟින් නවතම MIUI 13 ක්‍රියා කරනවා. එමෙන්ම 8GB දක්වා වූ LPDDR4X RAM මඟින් ක්‍රියා කරන මෙම දුරකථන මාදිලියේ Onboard 128GB Storage පහසුකමක් ලැබී තිබෙන අතර අවශ්‍ය නම් microSD card එකක් හරහා Storage එක 1TB දක්වා පුළුල් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

Quad rear camera setup එකකින් සමන්විත මෙම දුරකථන මාදිලියට 1.9 Aperture එකක් සමඟින් 5 108-megapixel primary lens එකක්, 8-megapixel ultra-wide secondary lens එකක්, Closer Shots ලබා ගැනීම සඳහා 2-megapixel macro lens එකක් වගේම 2-megapixel depth sensor එකක් ලැබී තිබෙනවා. ඒ වගේම 2.4 Aperture එකක් සමඟින් 16-megapixel selfie camera එකක් මෙම දුරකථන මාදිලියට හිමි වී තිබෙනවා.

එමෙන්ම Redmi Note 11S දුරකථන මාදිලියේ සියළුම Connectivity options ඇතුළු විශේෂාංග Redmi Note 11 දුරකථන මාදිලිය හා සමාන වනවා.

Redmi Note 11S with 6GB + 64GB = Rs.16,499
Redmi Note 11S with 6GB + 128GB = Rs.17,499
Redmi Note 11S with 8GB + 128GB = Rs.18,499
(සියළුම මිල ගණන් ඉන්දියානු රුපියල් වලින් දක්වා ඇති බව සළකන්න.)

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා NDTV.com වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.