ශ්‍රි ලංකාවේ Game Develop කරනු ලබන ප්‍රසිද්ධ ආයතනයක් වන Ram Studios ආයතය විසින් මේ වන විට ඔවුන්ගේ නවතම video game එක වන 'Mahasona' game එක අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Ram Studios ආයතය විසින් නිපදවන ඔවුන්ගේ පළමුවන game එක මෙය නොවන අතර මිට පෙර අවස්ථා වලදී ඔවුන් The Chase, Extraction Valley වැනි පරිගණක ක්‍රිඩා කිහිපයක්ම නිර්මාණය කර ති‍‍බෙනවා.

මෙම 'Mahasona' game එක online multiplayer game එකක් වන අතර මෙහි කථාමාලාව ශ්‍රී ලාංකික මිථ්‍යා කතා අතර පුරාණ යක්ෂයෙකු වන මහසෝනා වටා බැදී ති‍බෙනවා.

ඔබට මිතුරන් සමඟ මෙම game එක Play කිරීමට හැකියාව ඇති අතර මෙහිදී ක්‍රීඩකයින් කණ්ඩායම් දෙකකට බෙදනු ලබන අතර ඉන් එක් ක්‍රීඩකයෙකු මහසෝනා ලෙසත් අනෙක් කණ්ඩායම ළමුත් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙසත් බෙදෙනවා.

ක්‍රීඩකයන්ට ළමයින් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස එක් වී මහසෝනාට අයත් නිධානයක් සොයා ගත හැකියාව ඇති නමුත් ළමයෙකු ලෙස ඔබ නිධානය සොයාගැනිමට සහ මහසෝනාට පහර දී නිධානය සොයා ගත යුතු අතර මහසෝනා ලෙස ක්‍රිඩා කරන ක්‍රීඩකයා, හිරු උදාවට පෙර ළමයින් නිධානය සොයා ගැනීම නතර කළ යුතු වෙනවා.

Mahasona game - System requirements

මේ game එකේ match making ක්‍රියාවලිය සඳහා Steam servers භාවිතා කර ඇති බැවින් ඔබට අවශ්‍යය නම් ඔබගේ මිතුරන් සමඟ එකතු වී ඔබගේම match එකක් host කිරීමේ හැකියාව ඇති අතර, නැතහොත් දැනටමත් host කර ඇති match එකක් search කර එයට එකතු වීමේ හැකියාව තිබෙනවා.

Characters of Mahasona Game

සෑම player කෙනෙකු හටම එක් චරිතය බැගින් ලැබෙන අතර මහසෝනා චරිතය random ලෙස මේ ක්‍රීඩකයින් 5 දෙනා අතරින් කෙනෙකු හට ලැබෙනවා. මේ ආකාරයෙන් චරිත තෝරාගැනීමෙන් අනතුරුව game එක ආරම්භ කිරීමේ හැකියාව ලැබෙන අතර මහසෝනා ලෙස game එකට ඇතුලත් වන ක්‍රීඩකයා හට ඔහුට ඇති බලයන් භාවිතා කරමින් අනෙකුත් ක්‍රීඩකයින් වස්තුව ලබාගැනීමට ප්‍රථමව ඔවුන් සෙයාගැනීමට සිදු වෙනවා.

යම් හෙයකින් ළමුන් කණ්ඩායමේ සාමාජිකයෙක් මිය ගියහොත්, ඔහු නැවතත් "Ata Bijja" character එක ලෙස ඉපදෙන අතර එවිට ඔහු Mahason ගේ අනුගාමිකයෙකු ලෙස අනෙකුත් ළමුන් සොයාගැනීමට Mahasona හට උදව් කරන්නෙකු වෙනවා.

මේ කටයුත්ත game එකේ වේලාවෙන් රාත්‍රී 12ට ආරම්භ වන අතර උදෑසන 6ට අවසන් වන අතර එහි ඇතුලත් වන day-night cycle එක අනුව ඉර නැග ඒම වැනි දර්ශනයන් ද දැකගැනීමේ හැකියාව ක්‍රීඩකයා හට ලැබෙනවා.

Mahasona on Steam
Mahasona is a Third-person, Multiplayer Social horror game. Where you can team up with other players as a team of four kids to find a treasure that belongs to a Demon name Mahasona. As Mahasona you have to stop the kids from finding the Treasure before sunrise.

මෙම 'Mahasona' game එක මේ වන විට steam හරහා ඩොලර් 2.99 ක් වැනි සුළු මුදල‍කට ශ්‍රී ලාංකිකයන් හට මිලදීගැනීමේ හැකියාව ලබාදී ඇති අතර අනෙකුත් රටවල් සඳහා ඩොලර් 4.99ක් ලෙස මිළ සටහන් වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා නිළ Mahasona වෙබ් අඩවිය සහ Steam වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.