PUBG Play කිරීම සඳහා දිනකට පැය 6ක සීමාවක් පැනවීම වෙනුවෙන් Tencent සමාගම ඉන්දියාව පාදක කරගෙන පරීක්ෂණ සිදු කරයි
PUBG, එහෙමත් නැතිනම් PlayerUnknown's Battlegrounds ක්රීඩාව මුලු ලොව පුරාම උන්මාදයක් සේ පැතිර ගොස් තිබෙන අතර, මේ වන විට ශ්රී ලංකාව ඇතුලත ද තත්ත්වය මීට සමාන ආකාරයක් ගන්නා බව අමුතුවෙන් කිවයුතු නැහැ.
කොහොම නමුත් මේ PUBG උන්මාදය අපේ අසල්වැසි රට වන ඉන්දියාවට නම් තදින්ම බලපා තිබෙන බවක් වාර්ථා වන අතර නොනවත්වා PUBG Play කිරීම නිසාවෙන් සිදු වූ මරණ කිහිපයක් ගැන ද මේ වන විට ඉන්දියාවෙන් වාර්ථා වී තිබෙනවා.
මේ හේතුව නිසාවෙන් මෙම game එක play කරන අතරතුර, පිළිවෙලින් එක දිගට පැය 2කට හා පැය 4කට වඩා වැඩියෙන් play කළහොත් සෞඛ්යය තත්ත්වය පිළිබඳව notifications මගින් දැනුවත් කිරීමටත්, පැය 6කට වඩා වැඩියෙන් play කිරීමට කටයුතු කළහොත් මීළඟ දිනය දක්වා game එක play කිරීමේ හැකියාව සීමා කිරීමටත් Tencent සමාගම තීරණය කර තිබෙනවා.
Health remainder on @PUBGMOBILE . One of my friend played it for 6 hours it seems an . #PUBG To the next level. @Im_Rahul16 Take care of your health daww.. 🤣😂 ¼ part of day well spent with @PUBG pic.twitter.com/6nOUTrvglh
— Srihari Lakshminarasimhan (@Srihari_lsr) March 21, 2019
New health reminder in #PUBG for android users.. 👌👌👌👌 pic.twitter.com/uFo01zCS0i
— Satiz MSD'ian 💛 CSK 💛 (@SatizMSDian) March 22, 2019
මීට අමතරව අදාල player වයස අවුරුදු 18ට අඩුද වැඩිද යන්න මත ද මෙම සීමා කිරීම බළපැවැත්වෙන අතර වයස අවුරුදු 18ට අඩු ක්රීඩකයන් හට මෙම සීමාව වැඩි වශයෙන් ක්රියාත්මක වන බවත් දැනගන්නට ලැබෙනවා.
කොහොම වුණත් මේ පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් සිදු කිරීමට Tencent ආයතනය කටයුතු කර නොමැති අතර මෙම තත්ත්වය දැනට වාර්ථා වන්නේ ඉන්දියාව ආශ්රිත PUBG Play කරන්නන්ගෙන් පමණක් බව ද වාර්ථා වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.