Postman API Day 2023 පිළිබඳව දැන ගනිමු
Postman කියන්නේ developers ලා හට ඔවුන්ගේ වැඩකටයුතු සඳහා අවශ්‍ය වන API නිර්මාණය කර ගැනීමටත්, ඒවා test කිරීමටත් පහසුකම් සපයන සේවාවක් කිවහොත් නිවැරදියි. 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට Postman සේවාව තුළ මිලියන 20කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබූ අතර ඔවුන් විසින් 75,000කට ආසන්න API ප්‍රමාණයක් public test කිරීමටත් කටයුතු කර තිබෙනවා.
API Postman Day ප්‍රථම වතාවට 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 28 වෙනි සෙනසුරාද උදෑසන 9.30 සිට මෙම Postman API Day එක පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටින අතර මේ වන විටත් ලියාපදිංචි වීම් අවසන්ව ඇති නමුත් event එකට සමඟාමී විවිධ වැඩසටහන් පිළිබඳව ඔවුන්ගේ Facebook පිටුව හරහා දනුවත් කිරීමටත් ඔවුන් විසින් කටයුතු කරමින් සිටිනවා.
මෙම වැඩසටහන හා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ දේශන සහ අත්දකීම් හුවමාරු කර ගනීමට අවස්ථාව ලැබෙන අතර Postman Services පිළිබඳව වගේම Software Development ක්ෂේත්‍රයේ විවිධ ගැටළු හා අනෙකුත් දනුම එකිනෙකා හා බෙදාගැනීමටත් මෙම Postman API Day 2023 මහඟු අවස්ථාවක් වනු ඇති.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Postman API Day - Sri Lanka Facebook පිටුව පරිශීලනය කළ හැකි අතර වැඩිදුර විස්තර කඩිනමින් TechNews.LK හරහා ඔබ වෙත සමීප කිරීමට අප සූදානමින් සිටිනවා.