චීනයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා සහ ලොව 5 වැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා වන Oppo සමාගම ජංගම දුරකථන වලට අමතරව තමන්ගේම Chip නිශ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව මේ වන විට වාර්ථා වෙනවා.

මූලිකව මෙම තොරතුර පසුගිය වසරේ Huawei සමාගමට වෙළඳ තහනමක් පැනවීමත් සමඟින් පැතිර ගිය අතර මේ වන විට මෙය සනාථ කලහැකි නවතම තොරතුරු කීපයක් Nikkey Asian Review වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

China’s Oppo steps up chip ambition as US ban hits Huawei
No. 2 Chinese handset maker snaps up top talent from key supplier MediaTek
Nikkey Asian Review වෙබ් අඩවිය

මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම සඳහා Oppo සමාගම ලොව ප්‍රකට Chip නිශ්පාදනය කරන සමාගම් වලින් විධායක ශ්‍රේණියේ සේවකයින් බඳවා ගනිමින් සිටින බව මෙම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඒ අනුව ලොව දෙවැනි විශාලතම chip නිෂ්පාදකයා වන MediaTek ආයතනයේ විධායක ශ්‍රේණියේ නිළධාරීන් දෙදෙනෙකු හා චීනයේ දෙවන විශාලතම chip නිෂ්පාදකයා වන Unisos සමාගමේ ඉන්ජිනේරුවන් විශාල ප්‍රමාණයක් ද මේ සඳහා බඳවාගැනීමට Oppo සමාගම දැනටමත් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව MediaTek ආයතනයේ 5G chip අංශයේ විධායක නිලධාරියෙක්ද Oppo සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර Huawei Hisilicon chip අංශයේ හා ඇමරිකානු chip නිශ්පාදකයෙක් වන Qualcomm සමාගමේ නිලධාරීන් ද සිය නව කර්මාන්තශාලාවට බඳවා ගැනීමට Oppo සාමාගම බලාපොරොත්තුවෙන් සිටින බව Nikkei Asian වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Oppo සමාගම දැනට MediaTek හා Qualcomm සමාගම් වලින් සිය chip අවශ්‍යතාවය සපුරා ගන්නා නමුත් අනාගතයේදී, Huawei සමාගම මේ වනවිට මුහුණ දී ඇති ඉරණමට සමාන තත්වයකට සිය සමාගමද පත්වෙතැයි යන බිය නිසා, තමන්ගේම chip නිශ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කරන බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කොහොම උනත් මෙය දැවැන්ත ව්‍යාපෘතියක් වන බැවින් Oppo නමින් Soc එකක් වෙළඳපොලට පැමිණීමට තවත් කාලයක් ගතවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Nikkei Asian Review වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.