මාර්තු 23 වැනි දින OnePlus 9 series එක එළිදැක්වීමට කටයුතු කරන බව OnePlus සමාගම නිළ වශයෙන් නිවේදනය කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ ජංගම දුරකථන මාදිලි කිහිපය මීළඟ මාර්තු 23 වැනි දින එළිදැක්වීමට නියමිත බව මේ වන විට නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙසේ එළිදැක්වීමට නියමිත OnePlus 9 ජංගම දුරකථන මාලාවේ camera එක improve කිරීම සඳහා ප්‍රසිද්ධ Swedish camera නිෂ්පාදකයෙකු වන Hasselblad සමාගම සම්බන්ධ කරගැනීමට මෙවර OnePlus සමාගම කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.
It all begins with a simple thought. Discover the #OnePlus9Series, co-developed with @Hasselblad, on March 23.
— OnePlus (@oneplus) March 8, 2021
OnePlus සමාගම සහ Hasselblad සමාගම ද්විත්වය වසර තුනක් ඇතුලත OnePlus devices සඳහා next generation camera system එකක් නිර්මාණය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර, දැනට පවතින camera එකෙහි color reproduction සිදු කිරීම කෙරෙහි මොවුන්ගේ අවධානය දැනටමත් යොමු වී ඇති බව වාර්තා වෙනවා.
The future of mobile photography arrives on March 23. Experience the @Sony IMX789 Sensor on the #OnePlus9Series.
— OnePlus (@oneplus) March 8, 2021
මෙම OnePlus 9 series එකට Sony සමාගමේ අලුත්ම IMX789 sensor එක අන්තර්ගත කර ඇති අතර, මේ හරහා 12-bit RAW image capture කිරීමේ හැකියාව එම ජංගම දුරකථන වලට හිමි වෙනවා. මෙම හැකියාව දැනටමත් Samsung Galaxy S21 සහ iPhone 12 Pro, Pro Max යන devices වල අන්තර්ගත වෙනවා.
It all begins with a simple thought. Discover the #OnePlus9Series, co-developed with @Hasselblad , on March 23. pic.twitter.com/tRCnGblnvD
— Pete Lau (@PeteLau) March 8, 2021
මීට අමතරව OnePlus සමාගමෙහි CEO වන Pete Lau විසින් OnePlus community post එකක සඳහන් කර ඇති ආකාරයට OnePlus ජංගම දුරකථන සමඟින් charger එකක් ලබාදෙන බව දැනගන්නට ලැබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.