මිට පෙර අවස්ථා කිහිපයකදී අප වාර්ථා කළ අන්දමට OnePlus සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම mid-range device එක නිකුත් කිරීමට සූදානමින් සිටින අතර මේ වන තුරු එය OnePlus 8 Lite, OnePlus Z සහ OnePlus Nord යන නම් වලින් හැඳින්වීමට කටයුතු කරනු ලැබුවා.

OnePlus Z ජංගම දුරකථනය ජූලි මස 10 වැනි දින ඉන්දියාවේදී එළිදැක්වීමට සූදානම් වෙයි
OnePlus Z ජංගම දුරකථනය Snapdragon 765G chipset එකක්[https://www.qualcomm.com/products/snapdragon-765g-5g-mobile-platform] මගින්බළගැන්වෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කලා මතක ඇති. OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය වන OnePlus Z Snapdragon 765chipsetඑකකින් සමන්විත වන ලකුණුOnePlus 8 ජංගම ද…

කොහොම නමුත් මේ වන විට OnePlus සමාගම විසින් මේ ජංගම දුරකථනයේ නම OnePlus Nord වන බව නිළ වශයෙන් නිවේදනය කර ඇති අතර එපමණකින් නොනැවතී මෙය pre-order කිරීමේ හැකියාව ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙම OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 10 වැනි දින ඉන්දියාවේදී එළිදැක්වීමට OnePlus සමාගම සුදානමින් සිටින අතර මෙම දුරකථනය Snapdragon 765G chipset එකක් මගින් බළගැන්වෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ දක්වා පවත්වාගෙන ගිය onepluslitezthing Instagram ගිණුම වෙනුවට oneplus.nord නමින් අලුත් Instagram ගිණුමක් ආරම්භ කිරීමට මොවන් කටයුතු කර ඇති අතර, ‍මේ හරහා නිවේදනය කර ඇති පරිදි පළමු OnePlus Nord ජංගම දුරකථන pre-order කිරීම සඳහා අවස්ථ‍ාව ලබාදීමට කටයුතු කරනු ලබනවා.

Pre-order OnePlus Nord
OnePlus Nord is coming. Every pre-order comes with exclusive Nord merchandise. The earlier you order, the more merch you’ll get. For more updates, follow @oneplus.nord on Instagram.

මෙලෙස pre-order කරන්නන් හට suprise gift එකක් ලබාදීමට කටයුතු කරනු ලබන බව ද OnePlus සමාගම ප්‍රකාශ කර ‍තිබෙනවා.

කොහොම නමුත් මේ pre-order කිරීම සඳහා හැකියාව ලබාදෙනු ලබන්නේ Austria, Belgium, Bulgaria, Cyprus, Czech Republic, Germany, Denmark, Estonia, Finland, France, Greece, Croatia, Hungary, Ireland, Italy, Lithuania, Luxembourg, Latvia, Malta, Netherlands, Poland, Portugal, Romania, Slovenia, Slovakia, Spain, Sweden, United Kingdom යන රටවල් වලට පමණක් වන බව OnePlus සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා GSM Arena වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය සහ නිළ onepluslitezthing instagram ගිණුම භාවිතා කළ හැකිය