සඳ මත 4G network එකක් ස්ථාපිත කිරීම සඳහා සුප්‍රකට Nokia සමාගමට අවසර ලබාදීමට NASA ආයතනය කටයුතු කරයි
සඳ මත 4G Network එකක් ස්ථාපනය කිරීම සඳහා Nokia සමාගමට අවසර ලබාදීමට NASA ආයතනය තීරණය කර තිබෙනවා.
ගිවිසුම්ප්‍රකාරව,මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා NASA ආයතනය විසින් Nokia සමාගමට ඩොලර් මිලියන 14.1 ක මුදල් ප්‍රදානයක් සිදුකර තිබෙන අතර, එය NASA ආයතනයේ Tipping Point selection යටතේ විවිධ සමාගම් සමඟ අත්සන් කරන ලද ඩොලර් මිලියන 370 ක පමණ සමස්ත කොන්ත්‍රාත්තුවේ කොටසක් වෙනවා.
මුලින්ම 4G LTE Network එකක් ස්ථාපිත කොට අනතුරුව එය 5G Speed එක දක්වා වැඩිදියුණු කිරීමට Nokia සමාගම සූදානමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වන අතර මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් NASA ආයතනයෙහි Administrator කෙනෙකු වන Jim Bridenstine මහතා ප්‍රකාශ කර සිටියේ, අනාගතයේදී සඳ මත ජීවත්වීමට හා වැඩකිරීමට නව තාක්ෂණයක් ඉක්මනින් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන Nokia සමාගමෙහි පර්යේෂණ අංශය ලෙස කටයුතු කරන Bell Labs ආයතනය Twitter සටහනක් මඟින් ප්‍රකාශ කරන්නේ, lunar rovers සහ navigation සඳහා මෙන්ම Video streaming මෙහෙයවීම් කටයුතු රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට සහාය දැක්වීම මෙම ජාලයේ අරමුණ වන බවයි.
To the moon! 🌕
— Bell Labs (@BellLabs) October 15, 2020
We are excited to have been named by @NASA as a key partner to advance “Tipping Point” technologies for the moon, to help pave the way towards sustainable human presence on the lunar surface.
So, what technology can you expect to see? (1/6) pic.twitter.com/wDNwloyHdP
Nokia සමාගම විසින් සඳ මත 4G ජාලයක් නිර්මාණය කිරීමට උත්සහ කරන ලද්දේ පළමු වතාවට නොවන අතර, 2018 දී ජර්මනියේ Space company එකක් වන PTSceintits සමාගම සහ එක්සත් රාජධානියේ Vodafone සමාගම සමඟ එක්ව, Apollo 17 යානය ගොඩබසින ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි LTE ජාලයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණද එය සාර්ථක වූයේ නැහැ.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා New Indian Express වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.