Nokia 1 Plus ජංගම දුරකථනය වෙත Android 10 Go Edition එක ලැබෙන පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවත් එකතු වෙයි
HMD Global සමාගම යටතේ ක්‍රියාත්මක වන සුප්‍රකට Nokia සමාගම Android OS එක යටතේ ජංගම දුරකථන එළිදක්වන්නට පටන් ගෙන මේ වන විට වසර තුනක් පමණ ගතවී අවසන් වෙනවා.
මේ අලුත් Nokia ජංගම දුරකථන විශේෂත්වය නම් සම්පූර්ණයෙන්ම Pure Android අත්දැකීම පාරිභෝගිකයන් ට ලබා දීමට සමත් වීම වන අතර ප්‍රධාන Android සංස්කරණ මෙන්ම Security Patch, Bug Fix ආදී සියලුම updates අනෙක් දුරකථන වෙළඳනාම වලට සාපේක්ෂව ඉක්මනින් පාරිභෝගිකයන්ට ලබා දීමටත් Nokia සමාගම සමත් වෙලා තියෙනවා.
Midrange, High-end දුරකථන වලට පමණක් සීමා නොවී මිලෙන් අඩු low-end ජංගම දුරකථන වලට පවා මේ ආකාරයෙන් updates ලබාදීමට Nokia සමාගම උත්සාහ කරනවා.
Nokia සමාගමේ මිල අඩුම දුරකථනයක් වන Nokia 1 Plus ජංගම දුරකථනය වෙත නවතම Android 10 Go Edition එක ලබා දීම මේ වන විට Nokia සමාගම ආරම්භ කර ඇති අතර එලෙස Update එක මුලින්ම ලබා දෙන රටවල අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වනවා.
Android 10 (Go edition) rollout for Nokia 1 Plus starts today. With so many new features, your phone will feel brand new all over again! Check here for more details and the availability in different countries 👉https://t.co/h7fJxyxN0w#Android10 #Nokia1Plus @Nokiamobile pic.twitter.com/dmfOhN4jur
— Juho Sarvikas (@sarvikas) April 29, 2020
ඒ අනුව බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ලිබියාව, මැලේසියාව, මොරොක්කෝව, ඕමානය, පාකිස්තානය, කටාර්, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, ටියුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවලට මෙලෙස මූලිකත්වය ලැබෙනු ඇති.
RAM අගය 2GB වලට වඩා අඩු ධාරිතාවයන්ගෙන් යුත් මිලෙන් අඩු මූලික මට්ටමේ දුරකථන වලට Android Go Edition එකක් Google සමාගම විසින් හඳුන්වා දෙනු ලැබුයේ 2017 වසරේ නිකුත් වූ Android Oreo සමඟින් වන අතර දැන් එහි අලුත්ම සංස්කරණය වන්නේ මෙම Android 10 Go Version එකයි.
තවද Nokia 1 Plus පාරිභෝගිකයන් සිටින වෙලඳකලාප වලින් 10% කට මැයි 1 වෙනිදා වන විටත් 50% කට මැයි 2 වනදා වන විටත් ඉතිරි සියලුම දෙනාට මැයි 4 වනදා වන විටත් Android 10 Go Edition එක ලබා දීමට Nokia සමාගම බළාපොරොත්තු වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Nokia Community වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.