ප​සුගිය අප්‍රේල් මාසයේ සිදුවූ data breach වීමක් හේතුවෙන් Nintendo වීඩියෝ ක්‍රීඩා සමාගමෙහි ගිණුම් 160,000 ක් පමණ අඩපණ වූ බව මූලිකව වාර්ථා වුණා.

කොහොම නමුත් මේ වන විට ඔවුන් පවසා ඇත්තේ එම breach වීමට ලක්වූ ගිණුම් ප්‍රමාණය පෙර සඳහන් කල ප්‍රමාණයට වඩා වැඩි අතර එම ප්‍රමාණය ගිණුම් 300,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.​

මෙලෙස හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක් වුණු ගිණුම් වල Passwords වෙනස් කිරීමට සහ එම ගිණුම් අයිති පුද්ගලයන් වෙන වෙනම සම්බන්ධ කර ගැනීමටත්, අතිරේක ආරක්ෂක පියවර අනුගමනය කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා.

Nintendo Switch

මෙම Nintendo Switch එක පරිශීලකයන් අතර සීග්‍රයෙන් ජනප්‍රිය වීම Nitendo සේවාව හැකර්වරුන්ගේ අවධානයට ලක්වීමට හේතුවක් වී ඇති නමුත් ලොව පුරා ඔවුන්ගේ සේවය ලබාගන්නා පරිශීලකයන්ගේ 1% අඩු ප්‍රමාණයක් පමණක් මේ හරහා අවධානමට ලක් වී ඇති බව Nintendo සමාගම බ්ලොග් සටහනක් තබමින් සටහන් කර තිබෙනවා.

Nintendo සමාගම විසින් ​මෙම ප්‍රහාරයට හේතුව පරීක්ෂා කිරීමේදී ඔවුන් හට දැනගන්නට ලැබී ඇත්තේ Nintendo 3DS සහ Nintendo හැඳුනුම්පත වන NNID එක ඔවුන්ගේ Nintendo Switch එක සමඟ සම්බන්ධ කිරීමේදී vulnerability එකක්, එනම් ආරක්ෂක දුර්වලතාවයක් තිබී ඇති බවයි.

ඉන් අනතුරුව මේ NNID හරහා Nintendo ගිණුමකට පිවිසීමේ හැකියාව නතර කර දැමූ අතර, නීතිවිරෝධී ලෙස පිවිසී ඇති NNID සහ Nintendo ගිණුම් වල Password reset කිරීමටත්, සහ අතිරේක ආරක්ෂක ක්‍රමයක් වන 2-factor authentication ක්‍රමය enable කරගන්නා ලෙස උපදෙස් දීමටත් මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ Mashable වෙබ් අඩවිය භාවිතා කළ හැක.