මිලෙන් අඩු Galaxy Fold ජංගම දුරකථනයක් නිකුත් කිරීමට Samaung සමාගම සූදානම් වන බව වාර්තා වෙයි
Foltable ජංගම දුරකථන නිෂ්පාදනයෙහිලා Samsung සමාගම නායකත්වය ගනිමින් සිටින අතර මේ වන විට foldable දුරකථන නිෂ්පාදනය කරන අන් සියලුම සියළුම සමාගම් වලට වඩා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරමින් සිටී.
මේ වන විට Samsung සමාගම විසින් නිකුත් කර ඇති Galaxy Z Flip දුරකථනය ඩොලර් 1400 ක ආසන්න මුදලක් හා Galaxy Fold, ඩොලර් 2000 කට ආසන්න මට්ටමක පවතින අතර තවමත් ඒවා සාමාන්‍ය ආර්ථිකයක් ඇති පාරිභෝගිකයින් හට මිලදී ගැනීම සිහිනයක් වී ඇත්තේ ඒවායෙහි ඇති මිළ අධික බව නිසාවෙනුයි.
කොහොම වුනත් තාක්ෂණික උපාංග පිළිබඳව ඉඟි පළ කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ Max Weinbach සිය Twitter ගිණුමේ සටහනක් තබමින් කියාසිටින්නේ Samsung සමාගම මිලෙන් අඩු Folding දුරකථනයක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බවයි.
I have some info on the Galaxy Fold Lite.
— Max Weinbach (@MaxWinebach) May 12, 2020
-Galaxy Fold Lite 4G
-256GB storage
-Mirror Black, Mirror Purple
-Display has no UTG
-Will be equipped with a mix of 2018/19/20 parts
-outside will probably have a smaller display (not like on Fold, but more like the Z Flip)
මෙම උපාංගය ඩොලර් 1100 ක පමණ මුදලකට මිල නියම කර ඇති බවත් එය Galaxy Fold Lite හෝ Galaxy Fold e ලෙසත් නම් කරනු ඇති බව 9to5google වෙබ් අඩවිය වාර්ථා කරනු ලබනවා.
කෙසේ වෙතත් මෙම Twitter පණිවිඩයට පිළිතුරක් සටහන් කරන Mauri QHD නම් තවත් තාක්ෂණික තොරතුරු හෙලිකරන්නෙකු විසින් මෙහි මිල ඩොලර් 900 පමණ පමණ වනු ඇති බවත් සඳහන් කොට තිබෙනවා.
the one i´ve heard about is Loser1 then lol
— Mauri QHD (@MauriQHD) May 12, 2020
-128GB
-Exynos
-Glasstic on outside
-Z flip tiny screen, or none at all
-$900
Max Weinbach ගේ Twitter පණිවිඩයට අනුව Samsung සමාගම නව Folding උපාංග තුනක වැඩ කරමින් සිටින අතර එයින් දෙකක Plastic තිර හා අනිකෙහි UTG (Ultra Thin Glass) තිරයක් ඇතුලත්ව ඇති බව වාර්ථා වෙනවා.
මෙයින් Plastic තිරයක් ඇතුළත් වනු ඇත්තේ මිලෙන් අඩු උපාංගයේ විය හැකි අතර UTG තිරය Galaxy Fold 2 ජංගම දුරකථනයේ ඇතුළත් විය හැකි බව ඔහු අනුමාන කරනවා. එමෙන්ම මෙහි සඳහන් තුන්වෙනි උපාංගය Galaxy Z Flip හි 2nd version එකක් වනු ඇති.
මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් මින් පැහැදිලි වන්නේ Samsung සමාගම Folding උපාංග නිෂ්පාදනය සම්බන්ධයෙන් අනෙක් සමාගම් වලට සාපේක්ෂව වඩා සක්‍රීය ක්‍රියාවලියක යෙදී සිටින බවයි.
නමුත් මෙහිදී මතක් කල යුතු අනෙක් කාරණය නම් ශ්‍රී ලාංකික අපට නම් මෙම මිල අඩු Galaxy උපාංග පවා තවත් එක් Flagship උපාංගයක්ම පමණක් වනු ඇති බවයි. මන්ද මිලෙන් අඩු යැයි සඳහන් කර ඇති මිල ගණන්ද ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ශ 2 කට ආසන්න වී තිබීමයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Techradar වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.