ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන Next.js Conf '25 - Colombo Watch Party event එක පිළිබඳව දැනගනිමු
ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමුළුවක් වන 'Next.js Conf 2025' හි නිල 'Watch Party' වැඩසටහනක් මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, කොළඹදී පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
වාර්ෂිකව තාක්ෂණික සමුළුවක් වශයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන පසුගිය වසරේදී ද පැවැත්වීමට කටයුතු කර තිබුණා. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මස 24 වන දින පැවති Next.js Conf 2024 සමුළුවේදී Next.js framework එකේ නවතම වැඩිදියුණු කිරීම් රැසක් ලොවට හඳුන්වා දීමට කටයුතු කළා. Vercel සමාගම විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ Next.Js development ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට සහ, එහි eco-system එක විධිමත් කිරීමයි.
London සහ Berlin යන නගර කේන්ද්‍ර කරගනිමින්, ගෝලීය වශයෙන් watch party වැඩසටහන් මාලා දෙකක් මේ වසරේ දී නිල වශයෙන් පැවැත්වෙන අතර මීට සමගාමීව දකුණු ආසියාවේ සංවිධානය වන තෙවැනි watch party event එක වශයෙන් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබීම සුවිශේෂී වෙනවා. මෙය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ප්‍රථම Premier Next.js event එක වන අතර, Next.js සහ Vercel තාක්ෂණයන් පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාට එකම ස්ථානයකදී හමුවීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා. මෙම වැඩසටහනට සහභාගී වීමෙන් ඔබට ඇමරිකාවේ San Francisco හි පැවැත්වෙන ප්‍රධාන සමුළුවේ සජීවී විකාශය (Livestream) එක නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ Tech Communities සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට (high-energy networking) මෙන්ම hands-on activities වැනි විශේෂාංග සඳහා Next.js වෙතින් නිල තෑගි (official Next.js swags) දිනාගැනීමටද මෙහිදී අවස්ථාව සලසා දී තිබෙනවා.
Next.js Conf '25 - Colombo Watch Party event එක එළඹෙන ඔක්තෝබර් මස 22 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07:00 සිට පසුදා අලුයම 04:00 දක්වා in-person event එකක් වශයෙන් කොළඹදී පැවැත්වීමට නියමිත අතර, පැවැත්වෙන ස්ථානය ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි. මේ සඳහා register වීමට ඔබට පහත සබැඳිය භාවිතා කළ හැක.
මේ වනවිට $6.99 ක discount එකක් යටතේ Early Bird tickets 100 කට ආසන්න සීමිත ප්‍රවේශපත් සංඛ්‍යාවක් නිකුත් කර ඇති අතර එළබෙන ඔක්තෝබර් මස 15 වන දින රාත්‍රී 08:00 සිට $9.99 වැනි මුදලකට General Entry tickets නිකුත් කිරිමට සුදානමින් සිටිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Next.js Conf '25 - Colombo වෙබ් අඩවිය සහ NextjsLK Telegram Community එක භාවිතා කළ හැක.