Android 11 සංස්කරණය පිළිබඳව අප ඔබව කීප වරක්ම දැනුවත් කළ අතර මේ වන විට මේ සංස්කරණයේ developer preview සංස්කරණ ද්විත්වයක් නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබ තිබෙනවා.

Android 11 වල දෙවන Developer Preview එක නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි
පසුගිය පෙබරවාරි මාසයේදී Android 11 සංස්කරණයේ පළමු developer preview එක නිකුත්කිරීමට Google සමාගම කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Android 11 වල පළමු Developer Preview එක නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයිAndroid මෙහෙයුම් පද්ධතියේ මීළඟ සංස්කරණය වන Android 11 සංස්කරණයේ පළමුවැනිDevelop…

මෙම නවතම සංස්කරණයේ දෙවන Developer Preview එක පසුගියදා නිකුත් කල අතර එහිදී "Columbus" නමින් හඳුන්වන ලද නවතම gesture එකක් අත්හදා බැලීමට කටයුතු කර තිබෙනවා.

එමඟින් පරිශීලකයින්ට ජංගම දුරකතනයක පිටුපසින් double tap කිරීමට ඉඩ සලසන අතර එමඟින් screenshot ලබා ගැනීම හා recent tabs open කිරීම වැනි කටයුතු සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

ජංගම දුරකථයේ accelerometer සහ gyroscope sensors ඔස්සේ දත්ත ලබාගනිමින් ක්‍රියාත්මක වන මෙම නවතම gesture එක XDA-Developers වෙබ් අඩවිය විසින් Google Pixel 3 XL හා Google Pixel 4 / 4XL යන දුරකථන මාදිලි වල සාර්ථකය අත්හදාබැලීමට කටයුතු කර තිබෙනවා.

බැටරි බලය ඉතිරි කරගැනීමට හා අත්වැරදීමකින් සිදු වන tap වීම් නිසා ඇති වන අපහසුතා මඟහරවා ගැනීම වෙනුවෙන් මෙය දුරකථනය Lock වී ඇති විට සහ කැමරාව ක්‍රියාත්මක වී ඇති විට භාවිතා කල නොහැකි වන ලෙස සකසා තිබෙනවා.

මීට අමතරව camera එක open කිරීම, timer එකක් dismiss කිරීම,Google Assistant launch කිරීම, music play/pause කිරීම, status bar එක collapse කිරීම, incoming calls silent කිරීම, alarms snooze කිරීම වැනි option සඳහාද මෙම gesture එක program කල හැකි ලෙස නිර්මාණය කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර පරිශීලකයාට අවශ්‍යය action එකක් මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව ද තිබෙනවා.

කොහොම උනත් මෙම අලුත්ම Gesture එක සඳහා දුරකථනයේ hardware සහාය ද අවශ්‍ය වන අතර වාර්තා වන පරිදි Google Pixel 2 සිට සියලු Pixel ජංගම දුරකථන මෙයට සහය දක්වනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.