TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Netflix සදහා "Fast Laughs" නම් විශේෂාංගයක් පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇති අතර මෙය TikTok සඳහා බෙහෙවින් සමාන විශේෂාංගයක් වෙනවා.

TikTok හි මෙන්, ඔබේ දුරකථනයේ Fast Laughs clips හරහා සිරස් අතට swipe කිරීමට මෙහිදී හැකි වන අතර Fast Laughs විශේෂාංගයත් සමග පරීශිලකයන් හට නැරඹීම සඳහා නව content සොයාගැනීමට උපකාර කිරීම Netflix සමාගම අරමුණ කරගෙන සිටිනවා.

තවද, මෙහිදී පරීශිලකයන් හට සිත්ගන්නා සුළු දෙයක් හමුවු විට එය පසුව නැරඹීම සඳහා අවශ්‍යනම් Netflix watch list එක‍ට add කිරීමටද හැකියාව ලැබෙනවා.

කෙසේ‍ වෙතත්, වාර්තා වලට අනුව පරිශීලකයන් හට clips සඳහා like හෝ comment යෙදීමට මෙහිදී අවස්ථාව ලබා නොදෙන අතර, ඔබට සිනාසෙන emoji button එකක් මඟින් ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි සේම විවිධ social media platforms හරහා ඒවා ඔබගේ මිතුරන් සමඟ share කර ගැනීමටද අවස්ථාව හිමිවෙනවා.

TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට Fast Laughs විශේෂාංගය මෙම වසර මුලදී අත්හදාබැලීම සඳහා සුළු පරීශිලයක සංඛ්‍යාවකට අවස්ථාව ලබා දී තිබූ නමුත්, දැන් එය එක්සත් ජනපදය ඇතුලු තවත් රටවල් කිහිපයක සීමිත පරිශිලකයන් සංඛ්‍යාවක් සඳහා ලබා දී තිබෙන බව වාර්තා වන අතර මෙම විශේෂාංගය තවමත් සහාය දක්වන්නේ iOS devices සඳහා පමණක් වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කල හැක.