NASA ආයතනයේ අලුත්ම James Webb අභ්‍යාවකාශ Telescope එක සාර්ථකව අභ්‍යාවකාශගත කරයි
නත්තල් දින උදෑසන NASA ආයතනය විසින් ඔවුන්ගේ නවතම අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය, එහෙමත් නැතිනම් James Webb අභ්‍යාවකාශ Telescope එක අභ්‍යාවකාශගත කිරීමට කටයුතු කරනු ලැබුවා.
Arine 5 රොකට් එකක් භාවිතා කරමින් ගුවන්ගත කළ මෙම Telescope එක දශක ගණනාවකින් පසුව NASA ආයතනය විසින් සිදු කළ විශාලතම මෙහෙයුම් වලින් එකක් වන බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.
For years, we’ve been answering the question: When will #NASAWebb launch? This morning, we answered that for the last time! Next up: Where is Webb? We’ve got an answer for that, too!
— NASA Webb Telescope (@NASAWebb) December 25, 2021
See where Webb is on its million mile journey to #UnfoldTheUniverse: https://t.co/EZC60K56YN pic.twitter.com/edQ2XxNqyn
මෙම James Webb Telescope එක හරහා විශ්වයේ ගැඹුරු පැතිකඩ පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අවශ්‍යය වන තොරතුරු ලබාගැනීමට බළාපොරොත්තු වන අතර, දැනට පවතින නිවර්තන වැසි වනාන්තරයක සිට විශ්වයේ ආරම්භය දක්වා තොරතුරු මෙම Telescope එක හරහා අධ්‍යනය කෙරෙනු ඇති බව මෙය ගුවන්ගත කරන අවස්ථාවේදී, NASA ආයතනයේ නිවේදයෙකු වන Rob Navias ප්‍රකාශ කරනු ලැබුවා.
මීටර් 6.5ක පළලකින් යුතු මෙහි gold-plated mirror එක දිගහැරිය විට, ආලෝක වර්ෂ බිලියන 13.6ක පමණ දුරක ඇති මන්දාකිණි වල සිට පැමිණෙන අධෝරක්ත කිරණ පවා ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබෙන බව වාර්තා වෙනවා.
මෙය සාර්ථකව අභ්‍යාවකාශයට ගෙන ගියත්, පෘථිවියෙන් සැතපුම් මිලියනයක පමණ දුරින් පිහිටි මෙහි ගමනාන්තයට ලඟා වීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති අතර ගමනාන්තයට ලං වෙත්ම එය ක්‍රමයෙන් දිගහැරෙමින් ක්‍රමාණුකූලව එහි අවසන් ස්වරූපයට පත් වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ සඳහා පියවර සිය ගණනකින් යුතු වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති අතර, එම ගමන ඉතාමත් අවධානම්කාරී ගමනක් බව ද, එක් අසාර්ථක පියවරකින් මුළු මෙහෙයුමම අසාර්ථක විය හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Space.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.