Microsoft සමාගමේ Bing Search Engine එකත් චීනයේ භාවිතා කිරීම අවහිර කර දමයි
Microsoft සමාගමේ Bing Search Engine එක මේ වන විට චීනයේ භාවිතා කිරීම අවහිර කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
ඊයේ දිනයේදී චීනය තුල අන්තර්ජාල භාවිතා කරන්නන් පිරිසක් විසින් සිදුකළ පැමිණිලි කිහිපයකට අනුව සොයාබැලීමක් කළ Microsoft සමාගම, ඔවුන්ගේ චීනය සඳහා නිර්මාණය කර ඇති cn.bing.com යන වෙබ් අඩවිය චීනය තුලදී භාවිතා කළ නොහැකි බව අවධාරණය කරගෙන තිබෙනවා.
UPDATE: it's confirmed to be DNS corruption, the common method of banning websites in China pic.twitter.com/GIlYsCVa1L
— Patrick Wu (@patrick330602) January 23, 2019
චීනයේ රාජ්‍යය telecom සේවාවක් වන Unicom ආයතනයේ සේවකයෙකු අනාවරණය කර ඇති අන්දමට මෙම නියෝගය චීන රජයෙන් ලබා දී ඇති බවක් දැනගන්නට ලැබුණ ද, මෙම තහනම පනවන ලද්දේ කුමන හේතුවක් පාදක කරගෙන දැයි තවමත් තොරතුරු වාර්ථා වෙන්නේ නැහැ.
මෙම තත්ත්වය හමුවේ නිළ ප්‍රකාශයක් නිකුත් කරමින් Microsoft සමාගම කියා සිටියේ "මේ වන විට චීනය තුලදී Bing search engine එක භාවිතා කිරීමට නොහැකි බවත්, මේ වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැන සොයා බළමින් සිටින බවත්" ය.
Microsoft search engine Bing is blocked in China https://t.co/i4jv3JRPFM // No idea what is going on--based on this I am sad. Since 2003 or so had we worked so hard to be successful there. Even went and lived there, built relationships. China's Pres. visited US and more. 💔
— Steven Sinofsky (@stevesi) January 24, 2019
Google, Facebook, Instagram සහ Twitter වැනි සියළුම බටහිර අන්තර්ජාල සේවාවන් වසර ගණනක් තිස්සේ චීනය තුළ භාවිතා කිරීම අවහිර කර තිබෙන අතර මෑත කාලීනව Twitch සේවාව ද මෙලෙස තහනම් කිරීමකට ලක් වූවා.
කොහොම වුණත් Bing search engine එක මේ වන තුරු චීනය තුළ රැඳී සිටීමේ රහස වූයේ චීන රජය විසින් පනවනු ලැබූ නීති රීති වලට අනුකූල වීමට Microsoft සමාගම කටයුතු කර තිබීම වුවත්, දැන් පෙනී යන ආකාරයට එලෙස අවනත වීමත් ප්‍රමාණවත් නොවන බව දැකගතහැකි වෙනවා.
මේ වන විට චීන Search Engine වල ප්‍රමුඛයා ලෙස Baidu search engine එකත්, දෙවන ස්ථානය Sogou වෙබ් අඩවියටත් හිමි වෙන අතර මෙහි තෙවන ස්ථානය හිමි වී තිබුනේ Microsoft සමාගමේ Bing Search Engine එකටයි.
Update: 27/01/2019
පසුගිය 25 වැනිදා වන විට මෙම සේවාව නැවතත් සුපුරුදු ලෙස ක්‍රියා කරන බව Microsoft සමාගම විසින් BBC වෙබ් අඩවියට පවසා තිබෙනවා. කොහොම නමුත් තවමත් මෙයට හේතුවක් ඉදිරිපත් කිරීමට Microsoft සමාගම හෝ චීන රජය ඉදිරිපත් වි නැහැ.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.