Microsoft සමාගම විසින් Microsoft Store නමින් ඔවුන්ගේ භෞතික වෙළඳ සැල් ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ Windows 7 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන් 2009 වසරේ සිට වන අතර මේ වන විට ලොව පුරා Microsoft Store සියයකට වඩා ප්‍රමාණයක් පාරිභෝගික සේවය වෙනුවෙන් කැපවී සිටිනවා.

කොහොම නමුත් Microsoft සමාගම දැන් සූදානම් වන්නේ මෙම Stores සියල්ලම වසා දැමීමට වන අතර Microsoft සමාගම පවසන්නේ ඒවායේ සේවය කරන සේවකයින්ගේ රැකියා වලට මෙම තීරණයෙන් බලපෑමක් නොවන බවයි.

ඒ අනුව එම stores වල සේවය කරන සේවකයින් දැනට සිටින ගනුදෙනුකරුවන් හට දිගටම සහාය වීම හා ඔවුන් විසින් ආරම්භ කිරීමට නියමිත Digital Store වල සිට පාරිභෝගිකයන් හට සහාය ලබා දෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Microsoft store in London. Image credits: The Verge

කෙසේ වුවත්, මෙම තීරණය London, Seattle, New York හා Sidney යන නගර වල පිහිටා ඇති Stores වලට බලනොපානු ඇති අතර Microsoft සමාගම තීරණය කර ඇත්තේ එම stores වසා දැමීම වෙනුවට ඒවා products අලෙවි නොකරන, Experience Centers ලෙස re-design කර නැවත විවෘත කිරීමටයි.

Microsoft සමාගම විසින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිට ඇත්තේ ලබන වසරේ සිට වුවත් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය නිසා ලොව බොහෝ සමාගම් වලට මෙන්ම Microsoft සමාගමටද සිය Store වසා දැමීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේදීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඉදිරියේදී Microsoft උපාංග මිලදී ගැනීම සඳහා Microsoft පරිශීලකයින් හට ඔවුන්ගේ Digital Stores වෙත පිවිසීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Microsoft News වෙබ් අඩවිය භාවිතා කළ හැක.