Microsoft 365 සේවාවේ බිඳවැටීමක් හේතුවෙන් Outlook සහ Teams සේවා අකර්මණ්‍ය වේ
Microsoft ආයතනය මඟින් ලබා දෙන Microsoft 365 සේවාවේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් හට Microsoft Outlook සහ Teams සේවා වෙත ප්‍රවේශ වීමට නොහැකි බව වාර්ථා කර තිබෙනවා. එමෙන්ම එක්සත් රාජධානියේ පමණක් පරිශීලකයන් 5000කට Outlook වෙත පිවිසීමට නොහැකි යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් Microsoft ආයතනය විසින් මෙම බිඳවැටීම් සම්බන්ධව නිළ වශයෙන් Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ඔවුන් විසින් දෝෂයන් හඳුනාගෙන ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදමින් සිටින බවත්ය.
Microsoft Outlook සහ Teams සේවාවලට අමතරව තවත් සේවාවන් රැසක් මේ සමඟ අකර්මණ්‍ය වී තිබෙනවා. Microsoft Service Health Status වෙබ් පිටුවේ සඳහන් කර තිබූ ආකරයට ඉහත සඳහන් කළ සේවාවන් ඇතුළුවන් සේවාවන් 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බිඳ වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සේවා සහ සේවක කප්පාදුවත් සමඟ බොහෝ ආයතන සහ සමාගම් වෙත සිය සේවාවන් කළමණාකරණය කර ගැනීමට අපහසු වී තිබෙන බවයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.