Windows 10 මත Xbox Games Play කිරීමේ අවස්ථාව ලබා දීමට Microsoft සමාගම සූදානම් වන ලකුණු

Windows 10 වල පරිගණක ක්‍රීඩා කරන පිරිසට සතුටුදායක ආරංචියක් මේ වන විට වාර්ථා වෙනවා.

ඔයා Gaming ගැන උනන්දු කෙනෙක් නම්, Xbox One කියන්නේ මොන වගේ console එකක් ද, ඒකට කොයි තරම් games තියනවාද කියලා හොඳින්ම දන්නවා ඇති. කොහොම වුණත් මේ වන තුරු Xbox සඳහා නිර්මාණය කළ games, පරිගණකයක් හරහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණේ නැහැ.

Emulators වැනි විවිධ උපක්‍රම භාවිතා කරමින් මේ කටයුත්ත සිදු කරන්නට උත්සාහ කළත්, අදාල consoles වල processor architectures වල ඇති වෙනස්කම් වැනි දේ නිසාවෙන් මෙය සිදු කිරීමට සාර්ථක ක්‍රමයක් මේ වනතුරු හඳුන්වා දී තිබුණේ නැහැ.


කොහොම නමුත් Microsoft සමාගම විසින් ඔවුන්ගේ Xbox platform එක සඳහා නිර්මාණය කළ games, තම Windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බළගැන්වෙන පරිගණක මත native ආකාරයට run කළ හැකි පහසුකමක් හඳුන්වාදීමට සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ මාසයේ මුල් දින වලදී Windows Insider ව්‍යාපෘතිය හරහා games කිහිපයක් test කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර මේ අනුව Windows preview build ස්ථාපනය කර ඇති පරිගණක මත State of Decay කියන Xbox game එක play කරවීමට කටයුතු සලස්වා තිබුණා.


මීට අමතරව ‍ඉහත සඳහන් කළ game එකෙහි වූ extension එක, එහෙමත් නැතිනම් file format එක වූයේ 2013 වර්ෂයේ සිට තම Xbox සඳහා නිර්මාණය කර තිබූ .XVC යන file format එක වන අතර Windows 10 version 1903 (19H1) update එකත් සමඟින් PowerShell එක හරහා පරිගණක වල Xbox games install කිරීම සඳහා මෙය භාවිතා කළ හැකි වන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව game develop කරන්නන් හට Windows 10 සඳහා මෙන්ම Xbox සඳහා වෙන වෙනම code කිරීමට සිදු නොවන අතර Xbox වල සහ PC වල game play කරන ක්‍රීඩකයන් හට එකිනෙකා අතර සම්බන්ධ වීමට ද මෙය ඉතාමත් ප්‍රයෝජනවත් අංගයක් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා TechRadar වෙබ් අඩවිය භාවිතා කළ හැක.